සිංගප්පුරුවේ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අගහරුවාදා

ශ්‍රී ලංකාවට ආයෝජන ලබාගැනීම සදහා සංවිධානය කොට ඇති විශේෂ සමුළුවක් 15දා අගහරුවාදා සිනප්පුරුවෙදී පැවැත්වීමට නියමිතය . ෆිනෑන්ස් ඒසියා විසින් සංවිධානය  කොට ඇති මෙම සමුළුවට ආසියානු ආයෝජකයන් සිය ගණනක් සහභාගී වීමට නියමිතය . මුදල් ඇමති රවී කරුණානායක මහතා එහි ආරම්භක දේශනය කිරීමෙන් පසු විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් සිදුකරනු ඇත . විදේශ නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතාද සමුළුව ඇමතීමට නියමිතය . මෙරට ආයෝජන අවස්ථා සහ කොටස් වෙලෙදපොල සම්බන්ධයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් මෙහෙයවන වැඩමුළු ද සමුළුවේ වැඩ සටහනට ඇතුලත් කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *