බංග්ලාදේශ මහා බැංකුවෙන් සොරාගත් ඩොලර් මිලියන විස්සක් ලංකාවෙන් සොයාගෙන

බංග්ලාදේශ මහා බැංකුවේ සංචිත අරමුදලින් සොරකම් කොට ශ්‍රී ලංකාවට හා පිලිපීනයට එවන ලදැයි කියන ඩොලර් මිලියන සියයක මුදලින් ඩොලර් මිලියන විස්සක් ශ්‍රී ලංකාවේ තන්පතුවකින් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ආරංචි මාර්ග කියයි . එම ගනුදෙනුව පිලිබදව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කොට ඇත . කෙසේ වෙතත් ඒ පිලිබදව වැඩිදුර තොරතුරු හෙළිකිරීමෙන් මහා බැංකුව වැලකි සිටින බව කියති .

බංග්ලාදේශ මහා බැංකුව කියන්නේ සොරකම් කල මුදලින් සැලකියයුතු මුදලක් මේ වනවිට සොයාගෙන ඇති බවයි . කෙසේ වෙතත් පිලිපීනයට යවන ලද මුදලින් කොටසක් එරටින්ද පිටකොට ඇති බව හෙළිදරවු වෙයි .

ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුවේ තැන්පත් කොට තිබු මෙම මුදල් එහි පිරිගණක ක්‍රියාවලියට හොරෙන් ඇතුළු වී සොරාගෙන ඇති බව බංග්ලාදේශය කියතත් එලෙස හොරෙන් ඇතුළුවීමක් සිදුවී නැති බව බැංකුව කියයි . අදාළ ගනුදෙනුවේ සියලු දත්ත හා රහස් සංඛේත නිවැරදිව තිබු බවත් පිළිගත් ක්‍රම අනුව ගනුදෙනුව සිදුවී ඇති බවත් බැංකුව කියයි .

විවිද රජයන්ගේ මහා බැංකු සංචිත ඇතුළු විශාල තැන්පතු 250ක් පමණ ඇති බව කියන ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සිදුවූ මෙම සොරකම ආන්දෝලනාත්මක සිදුවීමක් වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *