රටක් තීරණ ගතයුත්තේ සමාගම්වල ලාභය සදහාද ? – ඒකාබද්ධ වෘතීයවේදීන්ගේ ව්‍යාපාරයේ විද්‍යාවේදී ගාමිණි නන්ද ගුණවර්ධන

ඒකාබද්ධ වෘතීයවේදීන්ගේ ව්‍යාපාරයේ සාමාජිකයෙක් හැටියටයි මම මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නෙ. මට මේ අවස්තාවට සහභාගී වෙන ලෙස ප‍්‍රීති ගොඩකන්ද මහත්තය අහපු අවස්ථාවේ මම අහපු ප‍්‍රශ්නය තමයි, ඔබතුමාලාට දේශපාලන සංම්බන්ධයක් තියනවද කියන එක. එතුමා එතාම විවෘතව කිව්වා දේශපාලන සම්බන්ධයක් තියනව කියල. කොතෙන්ඩද යන්නෙ කියල යනව නම් අපිට ගැටළුවක් නැහැ. මම එහෙම අහන්න හේතුව, ඒකාබද්ධ වෘතීයවේදීනේගේ ව්‍යාපාරය අපි දැනට මාස හයකට හතකට කලින් අපි බිහි කෙරුවෙ, ලංකාවට මේ දක්වා දායක වූ වෘතීයවේදීන් ගැන ස්වයං විවේචනයක් කිරීමෙන් පසුවයි.

වසර 68 කට කිට්ටු කාලයක් අපි තට්ටු මාරු ක‍්‍රමයට ආණ්ඩු මාරු කර කර ගියා. ඒ ආණ්ඩු මාරු කර කර ගියාට අපිට රටක් විදිහට ඉදිරියට යන්න හරි දැක්මක් ලැබුණද? නැත්නම් අපි කරල තියෙන්නෙ හැම අවස්ථාවෙම දේශපාලඥට ඇ`ගිල්ල දික්කරල, දේශපාලඥයා මාරු කෙරුව. අපි හිතුවා.  අපි ඒ දැක්ම වැඩක් කළ යුතුයි, වෘතීය වේදින් හැටියට සක‍්‍රීය විදිහට රටක ඉදිරි ගමනට දායකත්වය දිය යුතුයි කියල. මෙන්න මේ යන ගමනෙදි අපි වෘතීය වේදීන් හැටියට රජයෙන් ඉල්ලීමක් කළා, අපිට පේනවා මේ ද්විපාර්ෂික ගිවිසුමේ ගැටළු තියනවා, අපිට ඔබතුමාලත් එක්ක සාකච්ඡුාවක් ලබා දෙන්න කියල. අපිට සාකච්ඡුාවක් ලැබුනෙ නැහැ. අපි නිර්දේශපාලන ව්‍යාපාරයක්. අපිට කිසිම දේශපාලනයක් නැහැ. අපි පෙබරවාරී 11 වෙන්දා වෘත්තියවේදීන්ගේ ව්‍යාපාරය හැටියට දහදාහක පමණ ප‍්‍රමාණයක් මහපාරට ගෙන්නුවා. අපි ගෙන්නුවේ කිසිසේත්ම කඩාකප්පල්කාරී අදහසකින් නෙමෙයි. අපි ගෙන්නුවේ, කරුණාකරලා රජය අපිට ඇහුම්කන් දෙන්න. අපිත් එක්ක වැඩ කරන්න. අපිත් එක්ක ඉදිරියට යන මාර්ගයක් හදාගන්න කියල අදහස් දක්වන්න.

වෘත්තිය වේදීන් විශාල සංඛ්‍යාවක් මේ වෙනසට සහයෝගය දුන්න. නමුත් සහයෝගය දුන්න පමණින් අපි අන්ධානුකරණයෙන් කිසිම රජයක් එක්ක, හැමදේම හරියි කියන තැන අපි නැහැ. අපි විශාල බලාපොරොත්තු තියාගෙන අපි මේ රජය ඉදිරියට ගෙනාවෙ. අපේ වගකීමක් තියනව ඒ රජය හරි මගට ගැනීමට.

අපේ ඒකාබද්ධ වෘතීයවේදීන්ගේ ව්‍යාපාරයේ ඉන්නවා ලංකාවෙ ඉන්න සියලූම වෘත්තීයවේදීන් සම්බන්ධ වෙලා. ඉංජිනේරුවන්, වෛiවරුන්, ගනකාධිකාරීන්, නීතිඥමහත්වරුන්, මානව සම්පත් නිලධාරින් ඇතුළු ආයතන හැට ගණනක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව. මෙතන තව ගැටළුවක් තිබුණ. ඒක මේ අවස්ථාවෙ තමුන්නාස්සේලාට පැහැදිලි කිරීම වැදගත්. තමුන්නාන්සෙලා ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ හින්දා හරි මතය ගෙනියන්න පුළුවන්. මේක වෛiවරුන් කීපදෙනෙක් විතරක් සම්බන්ධවෙලා ඉදිරියට ගෙන යන දේශපාලන ව්‍යාපාරයක් කියල. එහෙම කිසිම දෙයක් මෙතන නැහැ. වෛiවරුත් අප ආරම්භ කරපු ව්‍යාපාරයට  අනුගත වීම පමණයි වුනේ. අපි වඩාත් පුළුල් අiයනයක් කරමු. නමුත් මම සතුටුයි කියන්න, මම විස්තර කළේ අතීතය. මෑත අපි ඉතාමත් සාර්ථක, ධනාත්මක සාකච්ඡුා වට කීපයක් තිබ්බා, මලික් සමරවික‍්‍රම මහත්තයත් එක්ක, චම්පක රණවක මහත්තයත් එක්ක, ඒ වගේම එරාන් වික‍්‍රමරත්න මහත්තයත් එක්ක අපි සහභාගී වුනා ටී.වී. වැඩසටහනකට.    අපි පැහැදිලිවම කියන්නෙ, අපි පෙරටුගාමී බලවේගයක් හැටියට බලන්න එපා. අපි කියන්නෙ නැහැ ලංකාවේ ද්විපාර්ෂික ගිවිසුම්වලට යන්න එපා කියල. අපි කියන්නෙ ලංකාවෙ දිවි පාර්ෂික ගිවිසුම්වලට යනව නම්, අපි යා යුත්තේ කෙසේද කියන එක ගැන අපිට පූර්ව දැක්මක් දක්වන්න. මම දන්න හැටියට මේ සම්මන්ත‍්‍රණයේ මාතෘකාව ‘ද්විපාර්ෂික ගිවිසුම අවශ්‍යද? නැද්ද?’ කියල. කාගෙන් හරි ඇහුවොත් බෙලි කන එක හොඳද නරකද කියල. සාමාන්‍යයෙන් අපේ ගැමියන් අතර තියන කතාවක් තමයි ‘බෙලි කනකොට බඩ යනවා. බඩයනකොට බෙලිකනවා.’ කියල. ඒ වගේ අපි මේ ද්විපාර්ෂික ගිවිසුම්වලට එළඹෙනව නම්, ඇයි ද්විපාර්ෂික ගිවිසුමකට අපි එළඹෙන්නේ කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න  ඕනෙ. අනිත් එක අපිට ආර්ථික දැක්මක් විතරක් නෙමෙයි, මුළු සංස්කෘතියම, ආර්ථිකයම වෙනස් කිරීමේ දැක්මක් අපිට අවශ්‍යයි. අපි ආර්ථික ප‍්‍රශ්නවලට කොටුවෙලා විසඳුම් හොයන්න හැදුවොත් අපි බොහොම අමාරු තත්ත්වයකට වැටෙනවා. උදාහරණ වශයෙන්, 2011 වසරට වඩා ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුනේ ලංකාවෙන් පිටරටට ඇරල තියෙනව, ඩොලර් බිලියන 10.55 ක්. ලංකාවට ආනයනය කරල තියෙනව ඩොලර් මිලියන 20.26 ක්. එතකොට අපි ඉන්නෙ කොතනද?  එතකොට අපි හැමදාම ඉන්නේ අද ණයට කාලා සතුටින් ඉන්න ජාතිකයක්. ඒක තමයි යථාර්ථය.

අපේ රටේ මාධ්‍යවේදීන්ට වගකීමක් තියෙනව. වෘත්තීයවේදීන්ට වගකීමක් තියෙනව අපේ රටේ ජනතාව හරි මගට යොමු කරන්න. මම තමුන්නාන්සේලාට උදාහරණයක් කියන්නම්, අද හැමෝම පාවිච්චි කරන සැම්සුන් ටෙලිෆෝන් එක. අපේ තරුණ පරම්පරාව අවුරුද්දකට කීපාරක් ඔය ටෙලිෆෝන් එක මාරු කරනවද? ඔය ටෙලිෆොන් එකක මුදල ඩොලර් කීයක් වෙනවද? සාමාන්‍යයෙන් ඩොලර් 800 – 1000 ක් වෙනව.  ඕකට විදේශ විනිමය හොයන්නෙ කවුද?  ඕකට විදේශ විනිමය හොයන්නෙ අපි මැදපෙරදිගට ඇරල ඉන්න ගෘහසේවිකාවන් වශයෙන් වැඩ කරන කාන්තාවන්. එහෙමත් නැත්නම් ඇ`ගළුම් කම්හලේ මහන කාන්තාවන්.  අපි කීදෙනෙක් මෙතනින් ඩොලර් ගේනවද ලංකාවට? අපි ඇයි ඒ හැටියට අධ්‍යාපනය ලබා දෙන්නෙ නැත්තෙ ලංකාවට. ජනතාවගේ හැම අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීම පමණක් නෙමෙයි. නිසි අවබෝධයක් ලබා දීමත් අපේ වගකීමක්. එහෙම වෙන්නෙ නැතුව අපි ජනතාවට හැම දේම දෙන විදිහට ද්විපාර්ෂික ගිවිසුම් වලින් අපිට මේ ජනතාව තාවකාලිකව පිනවමින් ඉදිරියට යන්න බැහැ.

අපි කිව්ව වගේ 1998 අදහස් කෙරුව නිදහස් වෙළඳ ගිවිසුම. මේ නිදහස් වෙළඳ ගිවිසුම 1996 අත්සන් කෙරුවට පස්සෙ 2002 වෙනකොට අපි ඉන්දියාවට යවන ප‍්‍රතිශතය 3.35%ක අනුපාතයක්. එය 2011 වෙනකොට 5.14%ක් දක්වා වැඩි වෙලා තියෙනව. ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට එන එක (ආනයන* 13.81 සිට 22.07% දක්වා වැඩි වෙලා තියෙනව. මේ වෙලා තියෙන්නෙ වෙළඳ ශේෂයේ පරතරය වැඩි වීමයි. වෙළඳ ශේෂයේ පරතරය වැඩිවෙන මූලික හේතු තියනව. එකක් තමයි අර කලින් පැහැදිලි කෙරුව වගේ මට නම් තේරුම් ගන්න බැහැ ඒ ආයෝජනයෙ තියෙන වැදගත්කම.

මොන ආණ්ඩුවෙන් ගෙනාවද කියන එක වැදගත් නැහැ. ඉන්දියන් ඔයිල් සමාගම ඩොලර් මිලියන 30 ක ආයෝජනයක් 2011 අවුරුද්දෙ විතරක් ලංකාවට ගෙනැල්ල,  ලංකාවෙන් ගෙනිහිල්ල තියනව. ලංකාවට ගෙන්වපු තෙල් වලට ගිහිල්ල තියෙනව ඩොලර් මිලියන 904 ක්. අපි 10% ක ලාභයක් දැම්ම ඩොලර් මිලියන 90 ක් ලංකාවෙන් පිට ගිහිල්ල තියෙනව කියල. මෙන්න මේකයි අපි කියන්නෙ අධ්‍යයනයක් කරන කොට ආයෝජකයො ගෙන ඒම පමණක් නෙමෙයි, ඒ ආයෝජකයන්ට හැකියාව තිබිය යුතුයි ලංකාවට විදේශ විනිමය උපයන්න.  ලංකාවට ආයෝජකයො ඇවිල්ල, අපේ සල්ලි ටික නැතත් ඩොලර් වලට හරවල ගෙනියන්න නම්, එතනැනින් අපි ලබාගන්න දෙයක් නැහැ.

ඒ වගේම සේවා වෙළඳාම මේ ක‍්‍රමය ගැන කතා කරනකොට, අපිට මෙතැන ගැටළු තියනව, මොකද සේවා වෙළඳාම ගැන කතා කරන ලිහිල් කරණය කොට අපට මෙතැන ගැටළු තියෙනව. මොකද සේවා වෙළඳාම ලිහිල් කරණයට කලින් 2002 වසරෙ ජොයින්ට් ස්ටඩි ගෲප් :න්‍දසබඑ ීඑමාහ ඨරදමච* රිපෝට් එකක් කියල, ඒකාබද්ධ අiයන ඒකාබද්ධ අධ්‍යයන කන්ඩායමක් පිහිටුවල, මම බොහොම සතුටුයි එරාන් වික‍්‍රමරත්න මහතාත්, රෝහාන් සමරජීව මහතාත් මෙතන ඉන්න එක ගැන. මේ දෙදෙනාම ඒ ජොයින් ස්ටඩි ගෲප් :න්‍දසබඑ ීඑමාහ ඨරදමච* එකේ සාමාජිකයන්. මෙතුමන්ල ඉතාමත්ම අනර්ග සේවයක් කරල තියෙනව. ඒ 2002 හදල තියෙන ජොයින්ට් ස්ටඩි ගෲප් :න්‍දසබඑ ීඑමාහ ඨරදමච* රිපෝට් එක බැලූවොත් එහෙම, අද තියෙන මේ ගැටළු ගැන ඉතාමත් හොඳින් අiයනයක් කරල තියෙනව. නමුත් තියෙන ගැටළුව මොකක්ද? ඒ අiයනය කරපු ඒ වාර්තාව හමස් පෙට්ටියට ගිහිල්ල, 2016 ඒක අරගෙන  ඒ හැම දෙයක් අමතක කරල අපි යනව ගිවිසුම් අත්සන් කරන්න. අපිට ඒකට එක`ග වෙන්න බැහැ. අපිට ඒකට එක`ග වෙන්න බැරි හේතුව ඒ 2002 කරපු වාර්තාවෙ කියල තියෙනව උදාහරණයක් හැටියට ගත්තාම, භාණ්ඩවලටත් තියෙනව නැෂනල් ප‍්‍රීකුවිස්් කියල එකක්. ඒ කියන්නෙ අපි භාණ්ඩ අරිනව නම් යාන්ත‍්‍රණයක් තියෙනව, ඒ යාන්ත‍්‍රණයට අනුව අපිට හැකියාව තියෙන්න  ඕනෙ යම් කිසි භාණ්ඩයක් අපි ඇරපුවාම ඒ රටේ බදු ක‍්‍රමයට යටත් වෙනව නම්, ඒ රටේ නිෂ්පාදනය කරන බදු ක‍්‍රමයට වඩා වැඩිවෙන්න බැහැ. නමුත් සමහර ප‍්‍රාන්ත බදු තියෙනව, උදාහරණයක් විදිහට තමිල්නාඩු ප‍්‍රාන්තය ගත්තොත්, ඒ ප‍්‍රාන්තයේ නිෂ්පාදනය කරන භාණ්ඩයකට 10.05%ක බද්දක් නම් ගහන්නෙ ලංකාවෙන් ඉන්දියාවට ඇරියොත් 30%ක බද්දක් අය කරනව. එතුමන්ල, මේ වාර්ථාවේ ඒව එළිදක්වල තියෙනව. ඒව නියාමනය කිරීමට කමිටුවක් පත්කරල, ඒ කම්ටුව හරහා ඒ ප‍්‍රශ්න විසඳාගත යුතුයි කියන එකත් තියෙනව. නමුත් කියන්න කණගාටුයි මාර්තු 4 වෙනිදා අවුරුදු 14 කට පස්සෙ ඉන්දියාවෙ නිලධාරීන් කණ්ඩායමක් ලංකාවට ආව, ඔවුන් එක`ග වුනේ නැහැ ශ‍්‍රී ලංකා ආණ්ඩුව කියපු දේවල්වලට. මෙන්න මේකයි යථාර්ථය. එතකොට මේ යථාර්ථය යටතේ, අපි සේවා වෙළඳාමට යනකොට, පැහැදිලිවම අපි කියන්නෙ නැහැ ද්විපාර්ෂවික ගිවිසුම් අනවශ්‍යයි කියල. නමුත් අපි සේවා ගිවිසුමකට යනව නම්, අපි ඒ වෙනුවෙන් ගතයුතු පැහැදිලි ක‍්‍රියාමාර්ග ගත යුතුයි. හිතන්න එපා අපි කතාකරන්නෙ වෘත්තිය වේදින්ට බලපාන ප‍්‍රශ්නයක්ය, වෘත්තිය වේදින්ගේ ආරක්‍ෂණ වේදයක් ගැනවත් අපි කතා කරන්නෙ නැහැ. ඒක ඊට වැඩිය පුළුල් ප‍්‍රශ්නයක්.

කලින් කිව්ව වගේ ලංකාව වසරකට ඉංජිනේරුවන් 2000ක් නිෂ්පාදනය කරනව, ඉන්දියාව වසරකට ඉංජිනේරුවන් ලක්‍ෂ 15ක් නිෂ්පාදනය කරනව. මේ ලක්‍ෂ 15න් 70%කට ඉන්දියාවෙ රැුකියාවන් නැහැ. එතකොට මොකද වෙන්නෙ අපි හරි නියාමනයක් නොකළොත්, මේ රැුකියාවන් නොමැති ඉංජිනේරුවන් ලංකාවට එන්න හැකියාවන් තියෙනව. මම කියන්නම් ඔවුන් ලංකාවට එන්නෙ කොහොමද කියල මේ තියෙන රාමුව යටතෙ. ලංකාවට ආවොත් දැනට අපේ ඉංජිනේරුවන්ගෙ පඩිය ලක්‍ෂයයි නම්, ඔවුන්ට හැකියාව තියෙනව පණස් දාහට වැඩ කරන්න. ඔවුන් පනස්දාහට එනව කියල කියන්නෙ කාර්මික ශිල්පියෙකුගෙ පඩිය පණස්දාහට වැඩි වෙන්නෙ නැහැ. ඔවුන්ගෙ පඩිය රුපියල් විසිපන්දාහට වඩා අඩුවෙනව. සමාජයේ හැම ස්ථරයක් හරහාම එය පල්ලෙහාට යනව. අන්න ඒක නිසා තමයි අපි කියන්නෙ හරි නියාමනයක් තිබිය යුතුයි, නියාමනය හරහා අඳුනාගත් කොටස් පමණක් ගෙන්වා ගත යුතුයි කියල.
ආණ්ඩුව ප‍්‍රකාශයක් කළා, නිදහස් කරන යන ක්‍ෂේත‍්‍ර දෙකක්. පරිගණක තාක්‍ෂණ ශිල්පයත්, නැව් තඨාංගන (නැව් නිෂ්පාදනය කිරීමේ*  ශිල්පයත්. අපි සාකච්ඡුා කරන කොට, අපි සාකච්ඡුා කරන මහත්වරුත් එක්ක අපි ඉතාමත්ම සුහදව සාකච්ඡුා පවත්වාගෙන යනව මේ කරුණු නිරාකරණය කර ගැනීමට. ඇත්තටම අපි සතුටු වෙන්න  ඕන. මෙච්චර කාලෙකට පළවෙනි වතාවට මලික් සමරවික‍්‍රම මහතා අපිට දුන්නා මේ ගිවිසුම මොකක්ද කියල විවෘතව සාකච්ඡුා කරන්න අවස්ථා. මේව හොඳ ප‍්‍රවනතා. එතකොට අපි ඇහුව, කොහොමද මේ ශ‍්‍රම විෂමතාවන් හඳුනාගත්තෙ කියල. එතකොට අපිට ලැබුණ උත්තරේ ඩොක්යාර්ඞ් ආයතනයේ වෙල්ඩර්ස්ලා 100ක හිගයක් තියෙනව කියල. ඒ අයතන දුවන්නෙ ඒ ගොල්ලන්ගෙ ලාබ ලබාගැනීමේ පරමාර්ථකයෙන්.  ඒ ගොල්ලන්ගෙ වැඩකරන ක‍්‍රියාකාරකම වෙනස් කරගෙන තියෙනව,  පිටතින් වෙල්ඩර්ස්ලා ලබාගැනීමේ ක‍්‍රමයට.

ඩොක්යාඞ් ආයතනයේ සියලූම ඉංජිනේරුවන් අත්සන් කරපු ලියුමක් අපිට පෙන්වන්න පුළුවන්. ඔවුන්ගේ විෂයයන් තියෙන්නෙ දෙකයි. පළවෙනි එක නාවුක නිර්මාණ කරුවන්. නාවික නිර්මාණ කරුවන් මේ දක්වා පාවිච්චි කරල තියෙන්නෙ තුන්දෙනයි. අවස්ථා තුනකදි. ඒකට ලංකාවට ගෙන්වන්න අවශ්‍ය නැහැ. දෙවැනි කාරණය ඒ ගොල්ල කියන්නෙ වෙල්ඩර්ස්ලා ගෙන්වනව නම්, බී. ඕ.අයි. එක හරහා ගෙන්න ගන්න පුළුවන් කියල. අපිත් ඇහුව ඇයි බී. ඕ.අයි. එක හරහා ගෙන්න ගන්න බැරි කියල. ආර්ථික සංවර්ධන මණ්ලය හරහා ගෙන්න ගන්න යනකොට මාස හයක කාලයක් යනවලූ. එතකොට ආර්ථික සංවර්ධන මණ්ලය තියෙන්නෙ මොකටද? මාස 6ක කාලයක් යනව නම් ඒකෙ අකාර්යක්‍ෂමතාවයක් තියෙනව නම්, ඒවා සකසා ගැනීම අපේ වගකීම විය යුතුයි. ඒ වෙනුවට වෙනත් ක‍්‍රියාමාර්ග ගැනීම නෙමෙයි.

දෙවෙනි කාරණය අයි.ටී. (තොරතුරු තාක්‍ෂණය* ව්‍යාපෘති කළමණාකරුවන්ගෙ 100ක හිගයක් තියෙනව කියල කිව්ව. කවුද මේ කර්මාන්ත කරුවන් 100කගෙ හිගයක් තියෙනව කියල තියෙන්නෙ?  ලාභ බලාපොරොත්තුවෙන් දුවන විදේශ කොම්පැනි. ඒතකොට ඒ පිළිබඳ අදහසක් ගන්නෙ පුද්ගලික කොම්පැනියකින්ද? මමත් පුද්ගලික කොම්පැනියක් කරන්නෙ. මමත් කැමතියි මටත් ඉන්දියාවෙන් ගෙන්වන්න පුළුවන්නම් මටත් ලාබයි.

නමුත් අපි රටක් වෙනුවෙන් තීරණයක් ගත යුත්තේ ඒ අයුරින්ද? අපිට දැක්මක් තියෙන්න  ඕනෙ. ඒ නිසා අපි සාකච්ඡුා කරගෙන යනව. අපි දීල තියෙනව ඒ සාකච්ඡුාවෙදි මොනවද තියන ශ‍්‍රම විෂමතා කියල අiයනය කරන්න. සියලූම වෘත්තීයවේදින්ගෙ ප‍්‍රැක්ටිස් ලයිසන් ක‍්‍රමයක් හඳුන්වාදිය යුත්තේ කොහොමද කියල. අපි ඒ සියලූම දේ අiයනය කරගෙන අපි ඒ සියලූම ක්‍ෂේත‍්‍රවලට අඳුනාගැනීමෙන් පස්සෙ අපි අත්සන් කරමු ද්විපාර්ශවික ගිවිසුම. ඒකෙ ගැටලූවක් නැහැ.

තව එකක් කියන්නම්. අලූතෙන් ලංකාවෙ සංචාරක ක්‍ෂේත‍්‍රයේ හෝටල් ගොඩක් හැදෙනව. මේ හෝටල් ගොඩක් හැදෙනකොට නිදහස් පුද්ගල සංක‍්‍රමණිකයන් ගෙන්වන්නෙ නැහැ කියල කියනව. අපි එක නැහැයි කිව්වට එක`ග වෙන්නෙ නැහැ. ඒ රාමුවෙ ඒක තියනව. අපිට කතාකරල ඒ රාමුව සංස්කරණය කරගන්න පුළුවන් වෙයි. සේවා ගිවිසුම්වල පළවෙනි ක‍්‍රමය තමයි ඒ රටේදි පරිභෝජනය කරන්න. දෙවෙනි එක පිටරටට ගිහිල්ල. තුන්වෙනි එක ප‍්‍රමෝෂන් ප‍්‍රසන්ස්. හතරවෙනි එක තමයි නිදහස් සංක‍්‍රමණය. සංචාරක ක්‍ෂේත‍්‍රය බැලූවොත් දැන් කියනව 40.000ක විෂමතාවයක් තියෙනව කියල. කවුද මේක අiයනය කරල තියෙන්නෙ කිසිම කෙනෙක් ඒ ගැන වගකීමක් ගන්නෙ නැහැ. අiයනයක් නොකර කියනව අලූතෙන් හෝටල් එනකොට එච්චර ඌනතාවයක් තියෙනව කියල. 40.000ක ඌනතාවයක් තියෙනව නම් ත‍්‍රී විලර් ඩ‍්‍රයිවර්ල ඉන්නව. තරුණ පරම්පරාවෙ ළමයි ඉන්නව. එයාලට මාස 6 ක වගේ කෙටි කාලීන පුහුණුවක් දීල වැඩි වැටුපකට ඒ සඳහා යොදාගන්න පුළුවන්.

විද්‍යාවේදී ගාමිණි නන්ද  ගුණවර්ධන

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *