ශ්‍රිලනිපයේ අර්බුදය ඉතා ගැඹුරුයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

Jayampathy-Wickramaratne-236x300ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ ප්‍රකාශයෙන් ශ්‍රීලනිපයේ අර්බුදය දෙවන වටයට ගමන්කර තිබේ. මහින්ද හිතවාදීන් සහ සන්ධානයේ නායකයින් උත්සාහ කළේ එහි සභාපතිවරයා වන සිරිසේන මහතා ඔවුන්ගේ සිරකරුවෙක් කරගැනීමට ය. ජනාධිපතිවරයා ඔවුන්ගේ එම උත්සාහයට අනුකම්පා විරහිත ප්‍රතික්‍රියාවක් දක්වා ඇත. බරපතල වික්ෂිප්ත භාවයකට පත්ව ඇති ශ්‍රීලනිප නායකයින් ජනාධිපති ගේ විශේෂ ප්‍රකාශයට පෙරළා කුමන ප්‍රතික්‍රියාවක් දක්වන්නේ ද යන්න ක්ෂණිකවම දැකගත හැක. ශ්‍රීලනිපයේ දැණුමක් තේරුමක් ඇති සාමාජිකයින්ට නම් රාජපක්ෂගේ බලතණ්හාව පිළිබඳව එතරම් ප්‍රසාදයක් නැති බව පෙනේ. එහෙත් කිසියම් ප්‍රමාණයකට හෝ දූෂණයට ලක් වී ඇති නායකත්වයේ බහුතරයට නම් මහින්දගේ නායකත්වය නොමැතිව ගැලවිය හැකි වෙනත් මගක් නොමැත. මේ නිසාම ඉහළ මට්ටමෙන් කුමන තීරණයක් ගනු ලැබුවත් ශ්‍රීලනිපයේ පහළ මට්ටමේ සාමාජිකයින් තුළ නම් රාජපක්ෂට ඇති විරෝධය වර්ධනය විය හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *