අදත් කොවිඩ් මරණ හතක් ;එකතුව 339 යි

කොවිඩ් 19 රෝග ආසාදනය නිසා තවත් හත්දෙනකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 339 ක් ලෙස සටහන් වෙයි.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ මග්ගොන ,වෑඋඩ ,කටුගස්තොට , හෙට්ටිපොල, බියගම , දික්වැල්ල සහ  නුවරඑලිය ප්‍රදේශ වලිනි.

කොවිඩ් රෝගී වීමෙන් අද දිනයේ අභාවප්‍රාප්ත වූ වෛද්‍ය නෙවිල් ද සිල්වා මහතාගේ නම අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සදහන් වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *