yukthiya

සර්ව අශුභවාදීව හැමදේම විවේචනය කිරීමෙන් රට ගොඩගන්න බැහැ – ජනාධිපති ගොටාභය රාජපක්ෂ

සර්ව අශුභවාදී ලෙස හැම දේම  විවේචනය කිරීමෙන් රටට සෙතක් නොවන බවත්, රටේ  සම්පත් විකුනන්නේ නැත යන ස්ථාවරයේ තමා දිගට ම සිටින බවත් , එසේ වුව ද රට සංවර්ධනය කිරීමට අවශ්‍ය විදේශ ආයෝජන ලබාගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා 73 වන නිදහස් දින උළලේදී ප්‍රකාශ කලේ ය.

රජය අංශයේ දුෂණ වලට එක හේතුවක් වන්නේ ජනතාව ද ඇතැම් විට එයට අනුබල දීම බව කි ජනාධිපතිතුමා එයින් වැළකී දුෂණයට විරුද්ධ මතවාදයක් රටේ ගොඩනැගිය යුතු බව ද කී ය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව  සොයා  නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත්  පැවසීය.

මහබැංකු වංචාව  සම්බන්ධව වගකිව යුතු පිරිස් සඳහා නීතීය ක්‍රියාවට නැංවීමට ද උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපතිවරයා කීවේය.

73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා කළ කතාවේදී ජනාධිපතිවරයා අද (04) මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය  කිරීමට පත් කළ  ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන්ට  ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවත් එහිදී  ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *