තවත් කොවිඩ් මරණ හතරක් ; එකතුව 332 ක් ලෙස නිවැරදි කිරීමක්

කොවිඩ් 19 ආසාදානය වීම නිසා සිදු වූ මරණ හතරක් අද දිනයේ වාර්තා වී ඇත.

මේ අතර පෙරේදා සිදු වූ මරණ දෙකක් ප්‍රමාද දෝෂයකින්  ඊයේ ද නැවත වාර්තා කොට ඇති බවකියන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව ඊයේ වනවිට මරණ සංඛ්‍යාව 328 ක් ලෙස නිවැරදි විය යුතු බව දැනුම් දෙයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 332 කි.

අද මරණ වාර්තා වී ඇත්තේ වල්ගම්මුල්ල, දෙවාලපොල, මීගමුව සහ යටියන්තොට ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *