චීනයෙන් , ඉන්දියාවෙන් බලා සිටි ණය තව ම ලැබී නැහැ

රටේ විදේශ ණය ගෙවීම සහ රුපියලේ අගය රැක ගැනීම් සඳහා චීනයෙන් සහ ඉන්දියාවෙන් රජය බලාපොරොත්තු වී සිටි ඩොලර් බිලියන 2.5 කට ( මිලියන 2500කට ) සමාන ණය මුදල තවමත් ලැබී නැති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. මේ  නිසා ශ්‍රී ලංකාවේ මුල්‍ය කළමනාකරණය වඩා අපහසු වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි .

රජය චීනයෙන් අපේක්ෂා කළ ණය මුදල ඩොලර බිලියන 1.5 කි ( මිලියන 1500 කි ). එම මුදල ජනවාරි අවසානයට පෙර ලැබෙනු ඇති බව  රජය අපේක්ෂා කළ ද එම මුදල ලැබී නැත.

ඉන්දියාවෙන් ඉල්ලා සිටි බිලියනයක ( මිලියන 1000 ක් ) මුදල ද ලැබී නැත. එමෙන් ම පසුගිය වසරේ දීමට එකඟ වූ මිලියන 700 ක් ද තවම ලැබී නැති බව කියති .

මෙම මුදල් සියල්ල ඉක්මනින් ලබාගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *