වේගයෙන් ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ දරුණුම කඩාවැටීම වාර්තා කරයි

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම ඊයේ (02) වාර්තා කළේය.

S & P SL20 මිල දර්ශකය 5%කට වැඩියෙන් පහළ බැසීම මත ඊයේ දිනය තුළ දෙවතාවක්ම කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු අත්හිටුවීමට ද සිදුවිය.

ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 561.75කින් පහළ ගොස් තිබිණි. මෙය එක් දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම පහළ යෑම ලෙස වාර්තාවන් අතරට එක්වන අතර ඒකක 500කින් පහළ වැටුණු පළමු අවස්ථාව ද වෙයි.

පෙර දිනයට සාපේක්ෂව ඊයේ දිනයේදී සමාගම් 222ක කොටස් මිල ගණන් පහත වැටී තිබිණි.

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *