තවත් කොවිඩ් මරණ හතක් ; එකතුව 330 ට නගී

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (02) රාත්‍රියේ  තහවුරු කළේය.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියේය.

කොළඹ 15, කොළඹ 02, රාගම , ගෙලිඔය , නිට්ටඹුව , වැලිගම සහ වත්තේගම ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.

මියගිය පිරිස අතර පිරිමි තිදෙනෙක් සහ කාන්තාවෝ සිවුදෙනෙක් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *