නැගෙනහිර ජැටියේ ගනුදෙනුව නොකෙරුනේ අදානි සමාගමේ එකඟතාව නැති නිසා – වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට අදාලව ශ්‍රී ලංකාව ඉදිරිපත් කල කොන්දේසිවලට අදානි සමාගම එකඟ නොවූ බවත්, එමනිසා එම ගනුදෙනුව සාර්ථක නොවන බව තමන් ජනාධිපතිතුමාට දැනුම් දුන් බවත් , වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

අදානි සමගම සනාග සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුව තම කොන්දේසි සකස් කොට අදානි සමාගමට ඉදිරිපත් කළ බවත් , ඒවාට සමාගම එකඟ නොවූ බවත්, ඇමතිවරයා කියයි.

මෙම ප්‍රශ්නය ගැන වෘත්තීය සමිති සහ අගමැතිතුමා අතර පැවතී සාකච්ඡාවේ දී ද , ඇමතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *