ගිවිසුමට අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු‍ වෙනවා – ඉන්දීය මහ කොමසාරිස්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් 2019 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව – ඉන්දියාව – ජපානය අතර අත්සන් කළ ත්‍රෛපාර්ශ්වික එකඟතාවයට අනුව කටයුතු කරනු ඇතැයි බලාපෙරොත්තු වන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

නැගෙනහිර ජැටිය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරය යටතේ පාලනය වන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව පවසා තිබේ.

නැගෙනහිර ජැටියේ සංවර්ධන කටයුතු කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් නායක මට්ටමින් දන්වා ඇති බවත් මහ කෙමාරිස් කාර්යාලය පවසයි. මීට මාස තුනකට ඉහතදී කැබිනට් මණ්ඩලයද විදෙස් ආයෝජකයන් සමග නැගෙනහිර ජැටියේ සංවර්ධන කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවද මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *