ඉන්දියාවට ECT කොටස් දීමෙන් ස්වෛරීත්වයට හානියක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාවට ඉඩ ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කිසිදු හානියක් සිදු නොවන බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

“මගේ මතය, විදේශ ආයෝජනයක් අවශ්‍යයයි. සම්බන්ධතා දර්ශක අනුව අපි ඉන්නෙ පළවෙනි විස්සෙ. මේ තත්වය අපට ලැබිලා තියෙන්නෙ ඉන්දියාවෙන් ලැබෙන බහාලුම් නිසා.

මේක ඉන්දියාව නැතිව අපට කරන්න බැහැයි කියලා මම කියන්නෙ නෑ. භූ දේශපාලනමය සාධකයක් මෙතන තියෙනවා, ඒක කාටවත් හංගන්න විදියක් නෑ. එතකොට කවුරුත් දන්න දෙයක් තමයි චීනයයි ඉන්දියාවයි අතර යම්කිසි ආතතියක් තියෙනවා. එතකොට ඒගොල්ලො කිව්වොත් අපේ බිස්නස් මොකටද අපි දෙන්නෙ චීනයට ඉඩදෙන අපට ඉඩ නොදෙන වරායකට කියලා ?

දැනට අපි හම්බන්තොට වරායේ පරිපාලනය චීන සමාගමකට දීලා තියෙනවා. ඔය කොළඹ වරායේ CICT එක කරන සමාගමටම. මේ කොළඹ වරායේ වැඩිම බහාලුම් හසුරුවන පර්යන්තයෙනුත් 85%ක් අයිති චීන සමාගමකට. ඒ කියන්නෙ මෙතන තියෙනවා යම්කිසි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට කරන්න තියෙන දේ තමයි ඉන්දියාවටත් කියන්න ඔතනින් ඔයාලාත් ඇවිල්ලා කරන්න කියන එක”

“පැහැදිලිවම මේක විකිණීමක් නෙවෙයි ආයෝජනයක්. මේක කොහොමද විකුණන්නෙ ? මේ භූමිය අරන් යන්නෙ නෑනෙ. භූමිය කොහොමටත් අයිති වරාය අධිකාරියට. සිංගප්පූරුවෙ, ඇමරිකාවෙ ඔය හැම තැන්වලම 100%ක් රජයට අයිති වරායවල් නෑ.

හම්බන්තොටත් වුණේ ආයෝජනයක්. හම්බන්තොට භූමිය කාටවත් විකුණලා නෑ. ඊට අමතරව ඒක වැඩියෙන්ම පාවිච්චි කරන්න යන්නෙ චීන නැව් සමාගම්. ඒ සමාගම් වලට කලිනුත් බිස්නස් දෙන්න තිබ්බා අපිට, නමුත් ඒගොල්ලො දුන්නෙ නෑ. ඒගොල්ලො වරායට අනුගත වුණායින් පස්සෙ තමයි බිස්නස් දෙන්න පටන් ගත්තෙ. දැන් චීන නැව් එනවා. පැහැදිලිවම ඒක හරි. මං ඒක විවේචනය කළේ නෑ, මං ඒක වෙනුවෙන් ඒ වෙලාවෙ ඉදිරිපත් වුණා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

RN

LANKANEWSWEB


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *