දේශපාලන පලිගැනීම් පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

දේශපාලන පලිගැනීම් පිලිබඳ පරීක්ෂණය කළකොමිසන්  සභාවේ නිර්දේශ අනුව පොලිස් සේවයේ උසස්වීම සිදු නොකරන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

මෙම නිර්දෙස අනුව උසස්වීම් ලබාදීමට පොලිසියේ ඉහළ සිට පහළට නිලධාරීන් විශාල පිරිසක් විරුද්ධ බවත් , එලෙස උසස්වීම් ලබාදුන හොත් පොලිස්  සේවයේ පරිපාලනය බිඳ වැටෙනු ඇති බවත් , ඇමති සරත් වීරසේකර මහතා පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ පවතී කැබිනට් රැස්වීමේ දී මෙම ප්‍රශ්නය සාකච්ඡාවට ගත අවස්ථාවේ දී ය.

පොලිස් සේවයේ නිලධාරීන් 72 දෙනකුට උසස්වීම් ලබාදීමට දේශපාලන පලිගැනීම් කොමිසම නිර්දේශ කොට තිබිණි. ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන ලෙස යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *