කොළඹ වගේ වරායක් හදාගන්න ඉන්දියාවට බෑ , කොළඹ ජැටියක් ඉල්ලන්නේ ඒකයි – ඇමති විමල් වීරවංශ

ඉන්දියාවෙන් කෙරෙන භාණ්ඩ ප්‍රති අපනයන කටයුතු සඳහා ඔවුන්ගේ ම වරායක් සාදා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැති බව ඇමති විමල් වීරවංශ මහතා කියයි. එසේ හැකියාව තිබුනා නම් මේ වනවිටත් වරායක් හදාගන්නා  බවත්, කොළඹ නැගෙනහිර ජැටිය ඉල්ලන්නේ ඔවුන්ට වරායක් හදාගන්න බැරි නිසා බවත් වීරවංශ මහතා කියයි.

කොළඹ වරායේ දැනටත් සියයට හැත්තෑවකට වඩා  සිදුවන්නේ ඉන්දියානු භාණ්ඩ ප්‍රති අපනයනය බවත් , කොළඹ ජැටිය නොලැබුන හොත් ඉන්දියාව තම භාණ්ඩ යැවීමට තමන්ගේ වරායක් සංවර්ධනය කර ගත හොත් කොළඹ වරායට දැනට ලැබෙන ආදායමත් අහිමි වන බවටත් , නැගී ඇති තර්කයට පිළිතුරු දෙමින් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් , කොළඹ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට පැමිණි පසු සලකා බලා තීරණයක් ගන්නා  බව වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *