|

රුපියල බේරාගන්න මහ බැංකුව ඩොලර් කල්තියා විකිණීම තහනම් කරයි

දිගින් දිගට රුපියල අවප්‍රමාණ වීම වලකාගැනීමේ පියවරක් ලෙස ඩොලර් ඉදිරිකාලීන විකුණුම් සහ මිල දී ගැනීම් නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද සියලු වාණිජ බැංකුවලට නියෝග කළේය.

ඒ අනුව මාස තුනක්  වැනි ඉදිරි කාලය සදහා ඩොලර් නිකුත්කිරීමේ ගිවිසුම්වලට එළඹීම  වාණිජ බැංකුවලට තහනම් වෙයි.

පසුගිය මාසයක කාලය තුළ ඩොලරය රුපියල් 185 සිට රුපියල් 200 දක්වා රුපියලේ අගය පහළ ගියේ ය.

පසුගිය අයවැය ලේඛනයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට ප්‍රධාන ශ්‍රේනිගතකිරීමේ ආයතන තුන ම තීරණය කිරීමත් සමග ඇතිවී තිබෙන මුල්‍ය අර්බුදය රුපියලේ අගය පහල වැටීමට හේතු වූ බව කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *