ශ්‍රී ලංකාවට ආර්ථික තහංචි පනවන්න මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්

ශ්‍රී ලංකා රජයට යම් සීමාවන් තුල ආර්ථික තහංචි පැනවිය යුතු බවට යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට රටවල් කිහිපයක් සුදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කොට තිබු යෝජනාවේ සම හවුල්කාරීත්වයෙන් රජය ඉවත්වීමත් , සමුළුවට දුන් පොරොන්දු ඉටු නොකිරීමත් මත මෙම තහංචි පැනවීමට යෝජනා වී තිබේ.

සංචාරක තහංචි පැනවීම, ජාත්‍යන්තර වශයෙන්  ශ්‍රී ලංකාවේ ඇතැම් ගිණුම් තහනම් කිරීම ආදිය  මෙම යෝජනාවලට ඇතුලත් බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් කඩවීම් ගැන පරීක්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පසුගිය සතියේ පත්කරන ලද්දේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමට දී තිබු පොරොන්දුවක් අනුව බව කියති.

මානව හිමිකම් කවුන්සිලය මාර්තු මාසයේ දී ජිනීවා නුවර දී රැස්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *