ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ ; වසර 40කින් ගෙවන්න ණයක් ගන්නයි හැදුවේ ; රාජපක්‍ෂලා දැන් අවුල් කරගෙන – රනිල්

නැගෙනහිර ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ.. වසර 40කින් ගෙවන්න ණයක් ගන්නයි හැදුවේ.. රාජපක්‍ෂලා දැන් අවුල් කරගෙන..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එහිදී ගිවිසුම්ගත වූයේ වසර හතළිහක් තිස්සේ ගෙවන ණය මුදලක් ලබාගැනීම සඳහා බවත් මුල් වසර 12 යන තෙක් ණය වාරික ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එම ණය මුදල ජපානයෙන් ලබා ගැනීමට සූදානම් වූයේ 0.1% ණය පොලියකට සීමා කර ගනමින් බවත් මුල් වසර 12දී කිසිදු ණය වාර්කයක් නොගෙවා ඉතිරි වසර 28 අතුලත ණය මුදල ගෙවීමට එකඟ වූ බවද ඔහු සඳහන් කලේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ක්‍රියාපටිපාටියෙන් ජපන් රජය ඉවත් කර වත්මන් පාලනය සියල්ල අවුල් කර ගත්තාට දැන් කරන්නට දෙයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *