කොවිඩ් එන්නත් ලක්ෂ 06ක් බදාදා දිවයිනට – ජනාධිපති

කොවිඩ් එන්නත් ලක්ෂ 6ක් ලබන 27 වැනි දින ඉන්දියාවෙන් මෙරටට නොමිලයේ ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වලල්ලාවිට ප්‍රදේශයේ ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.
‍ගම සමග පිළිසදර වැඩසටහනේ 7 වැනි අදියර අද(23) පැවැත්වෙන්නේ, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදීය.
යට්ටපාත ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ අඩුපාඩු සොයා බලා ඊට විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
මේ අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ජනතා නියෝජිතයෝ  ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
දිනමිණ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *