වරාය සේවකයන් විහිළු සපයනවාලු !

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියාව සමග ඇතිකර ගැනීමට යන ගිවිසුමට එරෙහිව විරෝධතාවයේ යෙදෙන ඇතැම් වෘත්තීය සමිති නායකයින් කියන කතා ඉන්දියානුවන්ට විහිළු සැපයීමක් බව ක්ෂේත්‍රයේ  තතුදත් දේශපාලන නිරීක්ෂකයෝ කියති.

ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාරදීමට ගොස් එය භාර නොගැනීම නිසා කෝපයට පත්ව ” රට පුරා ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරනවා” කියා තර්ජනය කිරීම ගැන සඳහන් කරමින්, මෙලෙස වරායේ  සේවකයකු මෙසේ කීම ලොකු ම විහිළුවක් බව කීවේ කොළඹ  වරායේ ව්‍යාපාරික කටයුතු වලින් සියයට හැත්තාවකට වඩා සිදුවන්නේ ඉන්දියානු භාණ්ඩ ප්‍රති නැවුගත කිරීම් වශයෙන් බව පෙන්වා දෙමිනි.

ඉන්දියානුවන් තමන්ගේ වරායක් සංවර්ධනය කර ගනිමින් කොළඹ වරායෙන් ඉවත් වුවහොත් කොළඹ වරායට “හොම්බෙන් යන්නට ” සිදුවන බව කියන විචාරකයෝ ඉන්දියාව එතනට තල්ලු කළහොත් ජාතික සම්පතක් කියන කොළඹ වරාය ” ජාතික විපතක්” වීමට ඉඩ ඇති බව ද කියති.

ඉන්දියාවේ දකුණේ වරායක්  සංවර්ධනය කොට ශ්‍රී ලංකාවට එන ඉන්දියානු ධනය නතර කළ යුතු බව තමිල්නාඩුවේ ඇතැම් පක්ෂවල ඉල්ලීමක් වී තිබේ.

ඉන්දියාවට අයත් අන්දමන් දුපත්වල විකල්ප වරායක් සංවර්ධනය කිරීමට දැනටමත් අධ්‍යයනයන් සිදු කරමින් පවතින බව කියති.

ඒ අතර කලකට පෙර “දේශප්‍රේමීන්ගේ ” මරණ තර්ජන මගින් වත් කළ නොහැකි වූ ඉන්දියානු භාණ්ඩ වර්ජනය ගැන කතා කිරීම තවත් විහිළුවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *