බංග්ලාදේශයේ මහා බැංකුවෙන් මුදල් සොරකම් කොට ලංකාවට එවලා !

බංග්ලාදේශයේ මහා බැංකුවේ සංචිතයේ තුබූ ඩොලර් මිලියන 100ක් සොරකම් කොට ශ්‍රී ලංකාවේ හා පිලිපීනයේ බැංකු වෙත ඒවා ඇති බව එරට මුදල් අමාත්‍යංශය  කියයි . මෙය සිදුකොට ඇත්තේ මහා බැංකුවේ පරිගණක ක්‍රියාවලියට හොරෙන් ඇතුළු වීම මගිනි . පසුගිය පෙබරවාරි 5 දා මෙම සොරකම සිදුව ඇති බව  කියති . මේ සම්බන්දයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව බංග්ලාදේශ රජය කියයි .

බංග්ලාදේශ මහ බැංකුවට අයත් ඩොලර් බිලියන 28ක සංචිත තැන්පත් කොට තිබී ඇත්තේ ඇමෙරිකාවේ ෆෙඩරල් රෙසර්ව් බැංකු වෙහිය . පරිගණක හැකරුන් බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුළුවී මෙම සොරකම කර ඇති බව බංග්ලාදේශ රජය චෝදනා කරයි . බැංකුව කියන්නේ තම පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළු විය නොහැකි බවයි .

සොරකම් කොට පිලිපීනයට ගෙනගිය මුදල් එරටින්ද පිට කොට ඇති බව සොයාගෙන ඇත . ශ්‍රී ලංකාවට එවූ බව කියන මුදල පිලිබදව කිසිවක් වාර්තාවල සදහන් නොවේ .

ලෝකයේ විවිධ රටවල මහ බැංකු හා විශාල ආයතන 250ක පමණ තැන්පතු ඇමෙරිකාවේ ෆෙඩරල් රෙසර්ව් බැංකුවේ තැන්පත් කොට ඇති බව  කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *