කොවිඩ් සටනට බයිඩන්ගේ ක්‍රමය ; පළමු දින සියයේ ඇමෙරිකානුවන් කෝටි දහයකට එන්නත්

තම ජනාධිපති ධුර කාලය අරඹා පළමු දින සියය තුළ ඇමෙරිකානුවන් කොටි දහයකට කොවිඩ් 19 එන්නත් ලබාදීමේ වැඩ සටහනකට ජනාධිපති ජෝ බයිඩන් පාලනය අත ගසා  ඇති බව වාර්තා වෙයි.

මෙම සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම ඊයේ සිදුකොට තිබේ.

ඇමෙරිකාවේ මුළු ජනගහනය කොටි 40 කට ආසන්න වන අතර ඉන් වඩාත් අවදානමට ලක්වන සියයට තිහකට ඉක්මනින් ම එන්නත ලබාදීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් මියගිය ඇමෙරිකානුවන් සංඛ්‍යාවට වැඩි පිරිසක් කොවිඩ් නිසා මේ වනවිට මියගොස් ඇති බව කී ජනාධිපති  ජෝ බයිඩන් කොවිඩ් වලට යුද්ධයක් සේ සලකා  මුහුණ දෙන බව ද මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ය.

ආරක්ෂක අවි යුධ නිපදවීමට යොදාගත් යුද කාලීන නීති උපයෝගී කොටගෙන එන්නත් කඩිනමින් නිපදවීමට උපදෙස් දී ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

දැනට තිබෙන එන්නත් මධ්‍යස්ථානවලට අමතරව ඇමෙරිකාව පුරා මධ්‍යම රජයේ ජංගම එන්නත් මධ්‍යස්ථාන සියයක් ක්‍රියාත්මක කිරීම ද මෙම සැලැස්මට ඇතුළත් ය.

කොවිඩ් මර්දනය තම ප්‍රධාන අභියෝගයක් ලෙස සලකන බව බයිඩන් පාලනය ප්‍රකාශ කොට ඇත.

ගෝලීය කොවිඩ් පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීමට ද බයිඩන් පාලනය කටයුතු කරන බව නිවේදනය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *