එඩ්වින් ආරියදාස මහතා දිවි සැරියට සමුදෙයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාශුරී එඩ්වින් ආරියදාස මහතා අභවප්‍රාප්ත වී ඇත.
 ඒ මහතා “ඇවිදින පුස්තකාලය”  යන නමින්ද අමතනු ලැබිණි.
1922 දෙසැම්බර් 3 වන දින ගාල්ල උණවටුන ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්න විද්‍යාලයට ඇතුළත් විය
සිංහල හා ඉංග්‍රිසී භාෂා පිළිබඳ උපාධි හිමි කරගත් ඔහුගේ ප්‍රථම රැකියාව වූයේ ගුරු වෘත්තියයි
සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත. හෙතෙම ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත්  ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබේ.
ජනමාධ්‍යය ක්ෂ්ත්‍රයට පා තබමින් ඒ මහතා 1949 දී ලේක්හවුස් ආයතනය සමඟ සම්බන්ධ වෙයි
ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර් විජේවර්ධන මහතා මිය යෑමට පෙර ඒ මහතා  සමඟ කටයුතු කළ ජීවතුන් අතර සිටි එකම මාධ්‍යවේදියා ලෙස ද එඩ්වින් ආරියදාස මහතා ඉතිහාස ගත වෙයි
ලේක් හවුස් ආයතනයේ පුවත් පත් රැසකට තම දායකත්වය දැක් වූ ආරියදාස මහතා ඩේලි නිවුස් පුවත් පතට ද විශේෂ දායකත්වයක් දක්වා ඇත
ආරියදාස මහතා මිය යන විට 99 හැවිරිදි වියේ පසුවිය
                                                                                                                                                                                           ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවීය.
ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *