නැගෙනහිර පර්යන්තය ගැන නැගෙන චෝදනා UNPය ප්‍රතික්ෂේප කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා තම රජය එකඟ වූ බවට නැගෙන චෝදනා එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, නැගෙනහිර පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019දී එවකට පවතී රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බවය.

එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ පර්යන්ත මෙහෙයුම්, සමාගමකට බදු දීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපාන රජයන් අතර අවබෝධතා ගිවිසුකට අත්සන් කළ බවය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපාන අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2019 සැප්තැම්බර් 10 වන දින කැබිනට් අනුමැතියද ලබාදුන් බව එක්සත් ජාතික පක්ෂය විසින් නිතුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *