ඇමෙරිකාවේ බයිඩන් පාලනය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන යලි ප්‍රශ්න කරාවි – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක

ඇමෙරිකාවේ අලුතින් පත් වූ ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්  ගැන නැවතත් තදින් ප්‍රශ්න කාරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන තදින් ප්‍රශ්න කළ ජනාධිපති බරක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස සිටි ජෝ බයිඩන් යටතේ යලි බලවත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන තදින් ප්‍රශ්න කළ සමන්තා පවර් වැනි පිරිසක් බවත් ,ඔවුන් පෙර පරිදි ම මාතාව  හිමිකම් ප්‍රශ්න මතු කරනු ඇති බවත් සමරනායක මහතා කියයි.

චීනය සහ ඇමෙරිකාව අතර බල අරගලය තවත් උත්සන්න වනු ඇති බවත්, එහි බලපෑමට ද මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවත් ඒ මහතා කියයි.

ඇමෙරිකානු නව පාලනය ගැන මාධ්‍යය කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කොට තිබේ.

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්  ක්‍රියාමාර්ග ආපසු හැරවීමට බයිඩන් පාලනය ක්‍රියාත්මක වී ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *