තාජුදීන් ඝාතකයන්ට හමුදාවේ , පොලිසියේ රැකවරණ

z_p05-thajudeen-01-uරගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කොට ඇතත් තවමත් එය කල නොහැකි වී ඇත්තේ ඝාතකයන්ට යුද හමුදාවේ හා පොලිසියේ ඇතැම් කණ්ඩායම්වල සහය ලැබී ඇති නිසා බව අපේ ආරංචි මාර්ග කියයි .

මෙහි ප්‍රධාන සැකකරු වන කැප්ටන් තිස්ස නැමැත්තා ට යුද හමුදා කදවුරක රැකවරණ ලබා දී ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි . තවත් සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බෙර ගැනීමට දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක කොට ඇත . එමනිසා එම තීරණ ගැනීම දිනෙන් දින කල් යමින් පවතියි .

අපරාධයේ තොරතුරු වසන්කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බෙර ගැනීමට පොලිසියේ ප්‍රබල කණ්ඩායමක් උත්සාහ දරමින් සිටින බව කියති . කෙසේ වෙතත් එවකට පොලිස් සේවයේ සිටි පිරිසක් සියලු තොරතුරු හෙළිදරවු කොට ඇති බවද වාර්තා වෙයි . මෙහි චෝදනා එල්ල වී ඇති තිදෙනකු රජයේ සාක්ෂි කරුවන් වීමට කැමැත්ත පලකොට ඇති බවද වාර්තා වීය .

රහස් පොලිස් ආරංචි මාර්ග කියන්නේ සිද්ධිය සම්බන්ධයෙන් දහසය දෙනකුට වැඩි පිරිසක් අත් අඩංගුවට ගැනීමට සිදුවනු ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *