අදත් කොවිඩ් මරණ හතරක්

කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ හතරක් අද දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ගල්කිස්ස , කාතන්කුඩි , වැල්ලම්පිටිය සහ ඕපනායක යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ.

මේ සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *