අද (8 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 524 ක් : මරණ 3 ක්

කොවිඩ් 19 ආසාදිතයින් 524 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 43,547 ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,267 ක් ලෙස සටහන් වෙයි.

කොවිඩ් මරණ තුනක් ද අද දිනයේ වාර්තා වී ඇත.

එම මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 14, රත්නපුර සහ හොරණ ප්‍රදේශ වලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *