වතු කම්කරු වැටුප 1000ක් කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු කම්කරු වැටුප 1000ක් කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වත්මන් ජනාධිපතිවරයා සිය මැතිවරණ වේදිකාවේදී ලබා දුන් පොරොන්දුවක් වූ වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දිනක වැටුප ලබාදීම මෙතෙක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැති අතර ඒ සඳහා ඊයේ (07) වතු වෘත්තීය සමිති නායකයන්, හාම්පුතුන්ගේ සම්මේලනයේ සාමාජිකයින්, කම්කරු සහ වැවිලි අමාත්‍යාංශ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡුාව යළි අසාර්ථක වී තිබේ.

මෙම සාකච්ඡුා විසඳුමකින් තොරව අවසන් වීම නිසා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමේ තීරණය තවදුරටත් කල් යනු ඇත.

මෙම සාකච්ඡුාවට රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ද, සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනාරාල් වජිර ඇල්ලේපොළ ඇතුළු වතු සමාගම් නියෝජිතයන්ද, අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණද, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප‍්‍රභාත් චන්ද්‍රකීර්තිද ඇතුළුව පුද්ගලයන් 50 දෙනෙකු පමණ සහභාගීවි ඇත.

2021 ජනවාරි මස 01 දා සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු:1000/- ක් බවට පත්කරන බවට රජය මීට පෙර පොරොන්දු වී තිබිණි.

LANKATRUTH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *