ජෝ බයිඩන්ට තවත් විශිෂ්ට ජයක් ; සෙනෙට් සභාවේ බලයත් ඩිමොක්‍රටික් පක්ෂයට

ජෝ බයිඩන්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි වූ ඊයේ දිනයේ ම බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට තවත් වැදගත් ජයග්‍රහණයක් හිමි වී ඇත. එනම් ඇමෙරිකානු සෙනට් සභාවේ වැඩි බලය ද ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වීමයි.

සෙනෙට් සභික තනතුරු දෙකක් සඳහා ජෝර්ජියා ප්‍රාන්තයේ පැවතී අතුරු මැතිවරණයෙන් එම තනතුරු දෙක ම ජය ගැනීමෙන් මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කළ රෆායල් වර්නොක් සහ ජෝන් ඔසාබ් මෙම ජයග්‍රහණ හිමි කරගෙන ඇත්තේ සම්ප්‍රදායික වශයෙන් ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ බලකොටුවක් වන ජෝර්ජියා  ප්‍රාන්තයෙන් වීම කැපී පෙනෙන සිදුවීමකි.

පුජක රෆායල් වර්නොක්  ඇමෙරිකාවේ දකුණේ ප්‍රන්තයකින් පත් වූ පළමු කළු ජාතික සෙනෙට් සභිකය ලෙසත් ජෝන් ඔසාබ් ජෝර්ජියාවෙන් පත් වූ පළමු යුදෙව් ජාතික සෙනෙට් සභිකය ලෙසත් තවත් වාර්තා දෙකක් ද පිහිටුවා තිබේ.

ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට ඇමෙරිකානු කොන්ග්‍රස් සභාවේ බලය තිබුන ද සෙනෙට් සභාවේ බලය මේ වනතෙක් හිමි කරගෙන සිටියේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය යි.

මෙම ජයග්‍රහණයත් සමග එහි බලය ද හිමිවීමත් සමග බයිඩන් ජනාධිපතිවරයාට බාධා කිරීමට ප්‍රතිවාදීන්ට තිබු අවස්ථා අහිමි වෙයි.

මෙය ඇමෙරිකානු දේශපාලනයේ වැදගත් ප්‍රවෘත්තියක් වුව ද , ඊයේ සිදු වූ ට්‍රම්ප්වාදී කැරැල්ල නිසා එය යටපත් වූ බවක් දක්නට ලැබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *