අද ( 7 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 525 ක් ; පොකුර 43,023 යි; සමස්තය 46,743 යි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 525 ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 43,023 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම සංඛ්‍යාව වාර්තා වන්නේ ඔක්තෝබර් දෙවන සතියේ සිට ගත වූ මාස තුනක කාලයේ දී ය.

මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,743 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *