ජනාධිපති බයිඩන් , උප ජනාධිපති කමලා හැරිස් පත්වීම උප ජනාධිපති මයික් පෙන්ස් නිල වශයෙන් නිවේදනය කරයි

 

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන්ගේ සහ උප ජනාධිපති කමලා හැරිස්ගේ පත්වීම් නිල වශයෙන් නිවේදනය කිරීම වත්මන් උප ජනාධිපති මයික් පෙන්ස් විසින් මීට සුළු මෝහතකට පෙර සිදුකරනු ලැබී ය.

සෙනෙට් සභාවේ සහ කොන්ග්‍රස් මණ්ඩලයේ පැවති දිගු විවාදයකින් පසුව මෙම නිවේදනය කිරීම සිදුවුයේ ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි බලපෑම් සහ කැරලිකරුවන්ගේ තර්ජන නිශේධ කරමිනි .

ජෝ බයිඩන්ට සහ කමලා හැරිස්ට ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 306 ක් ලැබී ඇති බවත් , ට්‍රම්පට සහ මයික් පෙන්ස්ට ඡන්ද 232ක් ලැබී ඇති බවත් මයික් පෙන්ස් නිවේදනය කළේ ය.

මෙම පත්වීම් වලංගු වන්නේ ජනවාරි මස 20 දා සිට ය.

මේ අතර සෙනෙට් සභා රැස්වීමට ප්‍රචණ්ඩ ලෙස කඩාවදීමේ සිදුවීම සමග ඇමෙරිකාවේ දේශපාලන කැළඹීමක් හටගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *