ජනාධිපති ඉන්දියාව සමග ගනුදෙනු කතා කරද්දී , වරාය විකුනන්නේ නැතැයි අගමැති පාර්ලිමේන්තුවට කියයි

 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය ඇතුළු ගනුදෙනු රැසක් ගැන ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති කාර්යාල නිලධාරීන් ඉන්දීය විදේශ ඇමති එස් ජෛෂන්කර් මහතා සමග සාකච්ඡා කරමින් සිටිය දී , අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ කොළඹ වාරයේ කිසිදු කොටසක් විකිණීමට හෝ බදුදීමට රජය තීරණය කොට නැති බව යි.

කොළඹ වරාය හෝ එහි කොටසක් හෝ විකිණීමට , බදු දීමට හෝ කළමනාකරණය වෙනත් පාර්ශවයකට පැවරීමට හෝ කිසිදු තීරණයක් රජය ගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මෙම ප්‍රකාශය කරන අවස්ථාව වන විට ඉන්දීය විදේශ ඇමති එස් ජෛෂන්කර් මහතා  ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව ය. ඉඑඑඑය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති , විදේශ ඇමති ඇතුළු ඉහල පෙලේ නිලධාරීන් සමග සාකච්ඡා කළේ ය.

මෙම සාකච්චා පිලිබන්ධව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ , කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම , එල් එන ජී විදුලි බලාගාරයක් ඉදිකිරීම, මහාමාර්ග සහ නිවාස ඉදිකිරීම , කෘෂිකාර්මික සහ පර්යේෂණ කටයුතු සංවර්ධනය සහ විකල්ප බලශක්ති සංවර්ධනය සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා වූ බව යි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *