එක රටක් එක නීතියක් කීවාට දැන් නීති 5ක් තියෙනවා. ස’ට සාපයක් වුණු පස් දෙනෙක් ඉන්නවා – හරීන් ප්‍රනාන්දු

එක රටක් – එක නීතියක් යැයි පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණිය ද මේ වනවිට රට තුළ නීති පහක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.”අවුරුද්දක් යනකොට මේ රටේ මිනිස්සු හිතුවෙ කොහොමද නීතිය කියලා ඇහුවාම අති විශිෂ්ඨයි සර් කියලා කියයි කියලා. සිස්ටම් චේන්ජ් එකනෙ ආවෙ … හැබැයි අද මේ ලංකාවෙ තියෙනවා අමුතු නීති රාශියක්.

එක නීතියක් රාජපක්ෂ නීතිය. අනිත් නීතිය ගජමිතුරු නීතිය. අනිත් නීතිය කොවිඩ් නීතිය. අනිත් නීතිය දුප්පතුන්ගෙ නීතිය. අනිත් නීතිය යුක්‍රේන් ජාතිකයින්ට දෙන නීතිය !

ගරු අධිකරණ ඇමතිතුමා දන්නවාද දන්නෙ නෑ, සර් නෙව්ඩාලෝ කියනවා. දන්නවා නම් කවුරු හරි කියන්න, මේ කාලෙ ආණ්ඩු පක්ෂයේ ඔබතුමාලා දැනගන්නම ඕනෙ. මේක යුක්‍රේන් භාෂාවෙන් ස’ ෆේල් කියන එක.

ආපු පළවෙනි ෆ්ලයිට් එකේ කෙල්ලො 18 දෙනෙකුට මාස 3කට වීසා දීලා තියෙනවා. ඕනෙ නම් නම් ටිකත් අපි පස්සෙ කියන්නම් … ඔව් ඔව් ඔව් … අපිත් හොයනවා කොහෙද ඉන්නෙ කියලා … මේක විහිළුවක් නෙවෙයි.

අද මේ තත්වය අත්වෙලා තියෙන හේතුවක් තියෙනවා ගරු මුලසුන හොබවන මන්ත්‍රීතුමනි. හේතුව තමයි මේ රටේ දේශපාලනයේ හිටපු නැති කෙනෙක් ජනාධිපති වීම. සිස්ටම් චේන්ජ් එකට ආවාට සිස්ටම් එක තේරෙන්නෙ නෑ. එස්.බී. දිසානායක මහත්තයා කොනේ ඉන්නවා, අනුර ප්‍රියදර්ශන මහත්තයා කොනේ ඉන්නවා. දේශපාලනය කරපු මහ ඇමතිතුමා එළියෙ ඉන්නවා. සුසිල් ප්‍රේම්ජයන්ත මහත්තයා පොඩි ශේප් එකක් දාගෙන ඇවිත් දෙවෙනි පේළියෙ ඉන්නවා. නමුත් අද ඇත්ත යතාර්ථය මොකක්ද ? රට පාලනය කරන්නෙ කවුද ?

ස’ට සාපයක් වෙලා තියෙනවා, පස් දෙනෙක් අද මං නම් කරන්නම්. පස්දෙනාගෙන් එක්කෙනෙක් තමයි රටක මාධ්‍යයක් කරන ඇන්ටිජන් මෑන්. දෙක උදයංග වීරතුංග. තුන නිශ්ශංක සේනාධිපති. හතර ධම්මික. පහ මම කියන්නෑ, අනුරාධපුර පැත්තෙ කවුද කෙනෙක් ඉන්නවාලු” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හරීන් ප්‍රනාන්දු මහතා ඉතාමත්ම දැඩි විවේචනාත්මක ලෙස මෙම කරුණු ඉදිරිපත් කළේ ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *