වතු කම්කරුවන්ට 1000 වෙනුවට දිනකට 700 ක් දෙන්න සමාගම් එකඟ වෙයි !

මැතිවරණයේ රජය  දුන් පොරොන්දුව අනුව වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ක් වැටුප් ගෙවන  ලෙස රජය බල කළ ද වතු සමාගම් එකඟ වී ඇත්තේ රුපියල් 700 ක් වන මුලික වැටුපකට පමණක් බව වාර්තා වෙයි.

වතු සමාගම් කියන්නේ දළු කැඩීමේ ඉලක්ක අනුව ගෙවන දීමනා , අර්ථසාදක සහ භාරකාර අරමුදලට කරන ගෙවීම් ආදිය එක කළ විට කම්කරුවකුට දිනකට ගෙවන වැටුප රුපියල් දහස ඉක්මවා යන බව යි.

මීට වඩා වැඩි වැටුපක් ගෙවා වතු පවත්වාගෙන යා නොහැකි බව වතු සමාගම් ප්‍රකාශ කරන බව කියති.

යම් යම් එකඟතා ගැන රජය කියතත් වතු සමාගම් එම බොහෝ යෝජනාවලට මෙතෙක් එකඟ වී නැති බව තතුදත් ආරංචි මාර්ග කියයි.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ රුපියල් දහසක් වැටුප් ගෙවන්න කියා සමාගම්වලට කිවහැකි නමුත් සමාගම් රැකගැනීම ගැනත් කල්පනා කළ යුතුව ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *