කොවිඩ් පොකුරට අද ( 5 දා ) එකතුව 479 ක් ; මරණ දෙකක්

 

 

කොවිඩ් ආසාදිත පොකුරට අද අලුතින් එකතු වූ සංඛ්‍යාව 479 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි .

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 41,977 ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 45,697 ක් වශයෙනි .

කොවිඩ් මරණ දෙකක් ද අද වාර්තා වී ඇත. එම මරණ වාර්තා වුයේ මාතලේ සහ කළුතර ප්‍රදේශ වලිනි.

මෙම මරණ දෙක පසුගීය දෙවැනි දා සහ  තුන්වැනි දා සිදු වී ඇති බව ද රජයේ වාර්තාවල දැක්වෙයි.

මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *