|

රාජ්‍ය බැංකුවලට ආණ්ඩුවෙන් රුපියල් කෝටි පනස් දහසකට වඩා ලොකු පොල්ලක් !

රාජ්‍ය භාණ්ඩාගාරය  බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කොටි පනස් දහස ඉක්මවා විශාල ලෙස වැඩිවී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. දිගින් දිගට වැඩිවෙමින් පවතින මෙම ණය ප්‍රමාණය බැංකුවලට දැරිය නොහැකි බරක් වී ඇති බව කියති.

පසුගිය අගෝස්තු මස අග වනවිට ආණ්ඩුව එසේ ලබාගෙන තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන 541.5 ක් හෙවත් කෝටි 54,150 කි . එය ඉතිහාසයේ වාර්තාගත ඉහළ ම අගය යි.

2019 දෙසැම්බරයේ මෙය වාර්තා වුයේ  රුපියල් බිලියන 274.3 ක් හෙවත් කොටි 27,430 ක් වශයෙනි .

2020 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලයේ ලබාගත් ණය මෙයට ඇතුළත් නැති අතර එම මුදල ද බිලියන සිය ගණනක් බව කියති.

ආණ්ඩුව මෙම ණය වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ රජයට අයත් ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙනි. එයින් ද වැඩිම මුදල ලබාගෙන ඇත්තේ ලංකා බැංකුවෙන් බව වාර්තා වී ඇත.

පසුගිය දා ලංකා බැංකුවේ ණය ශ්‍රේණිය පහත හෙලීමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් වුයේ රජයට විශාල ලෙස ණය දී තිබීම යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *