නව සමාජයක් සඳහා මේ සමාජය විලිරුදාවෙන් ඇඹරේන සමාජයක්- ලූෂන් බුලත්සිංහල

අපි කලාකරුවෝ හැටියට අපි මේ සමාජය දෙස බලන්නේ කිසියම් සමාජ පරිවර්තනයක්, සංස්කෘතික පරිවර්තනයක් වෙන්නට විලිරුදාවෙන් දඟලන සමාජයක් හැටියට ය. අපි ජනවාරි 08වෙනිදා මේ පරිවර්තනය තුළින් අපේක්ෂා කළේ ඒ සමාජ පරිවර්තනයයි, සංස්කාතික පරිවර්තනයයි. අපේ අධිකරණයේ සංස්කෘතිය පිළිබඳ කථාකරන විට බොහෝ දේවල් අද හෙළිදරව් වේ. අපේ දේශපාලන සංස්කෘතිය ගැන කථාකරන විට අද අපිට බොහෝ දෙවල් ගැන කථා කරන්නට සිදු වී ඇත. අපේ බුද්ධගමේ සංස්කෘතිය ගැන කථාකරන විට අපිට බොහෝ දේවල් ගැන කථා කරන්නට සිදු වී තිබේ. ඒ අනුව බැලූ කළ භික්ෂූන් වහන්සේලා සිවුරු පොරවාගෙන නපුරුකම් කරනවා ද කියන එක අහන්නට සිදුවේ. අධිකරණයේ දි කලු රෙද්ද පොරවාගෙන සිදු වූ දේ වසංකරනවා ද ? වංචා කරන දූෂිතකම් කරන මිනිසුන් ආරක්ෂා කරනවා ද? යන්න අසන්නට සිදු වේ. මේ ආකාරයට නව සංස්කෘතියක් අපේක්ෂාවෙන් සිටි සමාජයක් අපි බලාගෙන සිටින්නේ හරියට විළිරුදාවෙන් පොළන සමාජයක් හැටියට ය.
ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජනමාධ්‍ය සංස්කෘතිය තුළ මේ සමාජ පරිවර්තනය කිරීමට, මේ සංස්කෘතික පරිවර්තනය කිරීමට ජනමාධ්‍ය සංස්කෘතිය තුළ ඉඩකඩ ලබාදී තිබෙන්නේ ද යන්න ය. ඒ සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය කුමක් ද කියන එක ද සැලකිල්ලට ගතයුතු වේ. විද්‍යුත් මාධ්‍ය, ඒ සමගම මුද්‍රිත මාධ්‍යය යන දෙකම මේ සමාජ පරිවර්තනය කරන්නට මොන ආකාරයේ ආකර්ෂණිය ව්‍යායාමක් දරනවා ද? මිනිසුන්ව දැණුවත් කිරීමේ ව්‍යායාමක් මේ ජනමාධ්‍ය විසින් දරනවා ද ? කියන එක ඒ ජනමාධ්‍ය සංස්කෘතිය විසින් ප්‍රකාශ විය යුතු වේ.
ඒ නිසා කලාකරුවෙක් ලෙස මා දකින්නේ මහා පරිවර්තනයක් උදෙසා විළිරුදාවෙන් පෙලෙන මේ සමාජය සුවපත් කරන්නට මේ සියලු කණ්ඩායම් එකතු වී මේ පරිවර්තනය සඳහා උර දෙන්නට ඉදිරිපත් වියයුතු බවයි මා සිතන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *