දකුණේ කොවිඩ් පොකුර 939 කට නගී

දකුණු පළාතෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 939 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොරෝනා මර්ධන ඒකකය පවසයි.

මේ අතරින් 522 ක් වන වැඩි ම සංඛ්‍යාව වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 341 දෙනකු වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සංඛ්‍යාව 76 කි.

ඊයේ දිනයේ දී පමණක් කොවිඩ් ආසාදිතයින් 56 දෙනකු දකුණු පළාතින් අලුතින් වාර්තා වී ඇති අතර ඉන් 30 දෙනකු ම වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *