ලංකාවට රැගෙන ආ පළමු සංචාරක පිරිසේ තිදෙනකුට කොවිඩ්

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යලි නගා සිටුවීම සඳහා මෙරටට රැගෙන ආ පළමු සංචාරක කණ්ඩායමේ තිදෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී සී ආර් පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරවරයා නිවේදනය කොට ඇත.

යුක්රේනයේ සිට පැමිණි මෙම සංචාරක කණ්ඩායමේ 185 දෙනකු පෙරේදා මත්තල ගුවන් තොටුපලින් මෙරටට ගොඩ බැස්ස හ.

විශේෂයෙන් වෙන් කර ගත් පෞද්ගලික ගුවන් යානයකින් මෙම පිරිස මෙරටට ගෙන්වන ලද්දේ මෙරට සංචාරක ව්‍යාපාරය යලි ගොඩගැනීමේ පළමු පියවර වශයෙනි.

ඒ සඳහා මෙරට ගුවන් තටුපල පෞද්ගලික ගුවන් ගමන් සඳහා විවෘත කරනු ලැබූ අතර ගුවන් තොටුපල ගාස්තු අය කිරීම ද නවතා දමනු ලැබී ය.

කෙසේ වෙතත් , පැමිණි පළමු සංචාරක කන්ඩායමෙන් ම කොවිඩ් ආසාදිතයින් හමුවීම සංචාරක ව්‍යාපාරය යලි ප්‍රවර්ධනය කිරීමට විශාල අභියෝගයක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *