එට්කා ගේම – සී ජේ අමරතුංග

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා එම පක්ෂය ගොඩනැඟුවේ නවසිය හැට ගණන්වල මැද භාගයේ සිටය. එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණේ 1968-70 කාලයේය. එකල පැවතියේ එක්සත් ජාතික පක්ෂ රජයයි. අගමැති ඩඞ්ලි සේනානායක මහතා පක්ෂ හතක හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන ගියේය. එයට කීවේ හත් හවුල් ආණ්ඩුව කියාය. හරියට මේ ආණ්ඩුවට යහපාලන ආණ්ඩුව යැයි කියනවා වාගේය.

1970 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරදින ලකුණු පහළවී තිබිණි. ශ්‍රීලනිපය ලංකා සමස සමාජ පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව සමගි පෙරමුණක් ලෙස තරග කළේය. ජනතා විමුක්ති පෙරමුණ රහසිගතව සංවිධානය වූයේ විප්ලවකාරී ලෙස රාජ්‍ය බලය ලබා ගැනීමටය.

ජ වි පෙ අනාවැකිය

නවසිය හැත්තෑවේ මැතිවරණය පිළිබඳව ජවිපෙට තක්සේරුවක් තිබිණි. එනම් එජාප රජය පරාජය වන බවයි. එසේ වුවද ජවිපෙය තම සාමාජිකයන්ට කීවේ පරාදවන එජාපය බලය අත් නොහරිනු ඇති බවයි. හමුදා කුමන්ත‍්‍රණයකින් බලයේ රැුඳී සිටිනු ඇති බවයි. එම ප‍්‍රතිගාමී හමුදා කුමන්ත‍්‍රණය පරාජය කර රාජ්‍ය බලය ලබාගැනීමට තම පක්ෂය සන්නද්ධවී සූදානම් විය යුතු බව ජවිපෙ නායකත්වය සාමාජිකයන්ට ප‍්‍රකාශ කළේය. ඔවුන්ට අනුව විප්ලවකාරී අවස්ථාව උදාවන්නේ ඩඞ්ලිගේ ආණ්ඩුව බලය අත නොහැර හමුදා කුමන්ත‍්‍රණයකින් බලයේ සිටින තත්ත්වය තුළය.

ජවිපෙය සිතුවාසේම ඩඞ්ලිගේ ආණ්ඩුව පරාජය වීය. එසේ වුවද හමුදා කුමන්ත‍්‍රණය සිදුවූයේ නැත. ඩඞ්ලි ආණ්ඩුව භාරදී ගෙදර ගියේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කරදරයකින් තොරව බලය ලබාගත්තේය. ජවිපෙ සාමාජිකයෝ විශ්මයට පත්ව සිටියහ. එකල සිටි උදවිය කියන්නේ එහෙමය.
තත්ත්වය ගැන අලූත් න්‍යාය ආවේ සති ගණනාවකට පසුවය. එයින් කියැවුණේ ඩඞ්ලිගේ ආණ්ඩුව ඇත්තටම හමුදා කුමන්ත‍්‍රණයකට සූදානම්ව සිටි බවයි. එයට එරෙහිව ජවිපෙය සන්නද්ධව නැඟී සිටීමට සූදානම්ව සිටි නිසා කුමන්ත‍්‍රණ්‍ය කි‍්‍රයාත්මක නොකළ බව නව න්‍යායෙන් කියැවිණි. එම න්‍යායෙන් ජවිපෙ පාක්ෂිකයෝ වඩාත් ධෛර්යමත් වූයේ රටේ හමුදා කුමන්ත‍්‍රණයක් වැළැක්වූ විරයන් පිරිසක් වශයෙනි.
අද මේ රටේ සිදුවන ඇතැම් දේශපාලන කි‍්‍රයා සිදුවන්නේද ඉහත කී ආකාරයේම න්‍යාය මත බව පෙනෙන්නට ඇත.

කොලේ වහල ගැහිල්ලක් නෑ

ඉන්දු ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන්ද කරුණු සිදුවන්නේ ඒ ආකාරයෙන්ම බව පෙනෙන්නට ඇත. ඉන්දියානු වෘත්තිකයන්ට නිදහසේ ලංකාවට එන්න දෙන්නේ නැතැයි ආණ්ඩුව කීවද ඇතැමුන් එය විශ්වාස කරන්නේ නැත. දිගටම කියාගෙන යන්නේ ඉන්දියානු බාබර්ලාට, ති‍්‍රරෝද රියැදුරන්ට පවා මෙරටට පැමිණ අපේ අයගේ රැුකියා තුට්ටු දෙකට ඩැහැ ගන්නට ඉඩ දෙන්න ආණ්ඩුව ගිවිසුමක් ගහන්න යනවා කියාය. එවැන්නක් නැතිබව ආණ්ඩුව කියන විට කියන්න හදන්නේ කොළේ වහලා ගැහිල්ලක් ඇති බවය. ඉන්දු ලංකා රහස් ගිවිසුමක් ඇති බවට මාධ්‍යයක පළ කළ පුවතක් ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

මේ කතා කරන්නේ තවමත් කෙටුම්පත් කරලාත් නැති ගිවිසුමක් ගැනය. එය කෙටුම්පත් කිරීමට අදාළ සියලූ පාර්ශ්ව සම්බන්ධ කරගන්නා බවද ආණ්ඩුව කියා ඇත. ඇත්තම තත්ත්වය නම් වෘත්තීයවේදින් කණ්ඩායමක් කොළඹ උද්ඝෝෂණ කරන විටත් ඔවුන් සමඟ ආණ්ඩුව සාකච්ඡුා ආරම්භ කොට තිබූ බවයි. එහි ප‍්‍රධාන කථිකයා වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාම ඒ බව ප‍්‍රකාශ කළේය. උද්ඝෝෂණ කරන්නේ කෑ ගහන්නේ එහෙම තත්ත්වයක් තිබියදීය. ඉන්දියානු බාබර්ලාට මේ රටේ සාජ්ජ දමන්නට දෙන කතාව තවමත් නවතා නැත.

ආණ්ඩුව කොළේ වසා සෙල්ලම් කරන බවක් පෙනෙන්නට නැත. බලයට පත්වන ආණ්ඩුව වෙනත් රටවල් සමග වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වන බව එක්සත් ජාතික පක්ෂය තම මැතිවරණ ප‍්‍රකාශනයේම සඳහන් කොට ඇත. එය සඳහන් වන්නේ ”මාස 60 කින් රට හදන පංචවිධ කි‍්‍රයාවලිය” ප‍්‍රකාශනයේ අංක 1 යටතේ ඇති දෙවන ෙඡ්දයේය. එහි සඳහන් වන්නේ ”ඇමරිකාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, නැගෙනහිර ආසියාව හා අනෙකුත් සාක් රටවල් සමඟ වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම්වලට” එළඹෙන බවයි. එජාපය ඡුන්දය ඉල්ලූවේ ඒ වැඬේ කරන්නටය. ජනතාව ඡුන්දය දුන්නේ එයටය. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි කිවේ කවුරුන් හෝ දැන් එයට විරුද්ධනවා නම් එය ජනවරමට එරෙහිවීමක් බවයි.
වෘත්තියවේදීන් විරෝධය දැක්වීමෙන් පසුව අගමැතිවරයා පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් කරමින් කරන්නට යන්නේ කුමක්දැයි පැහැදිලි කළේය. වෙළෙඳ ගිවිසුමේ අරමුණු විස්තර කළ ඔහු එයට සියලූ පාර්ශ්ව සහභාගී කරගන්නා බවද ප‍්‍රකාශ කළේය. ගිවිසුමේ කෙටුම්පත් සකස් කළ විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද දක්වන විරෝධයක් එවිට දැක්විය හැකි බවද අගමැතිවරයා කීය. කෙටුම්පත් කොට නැති ගිවිසුමකට විරුද්ධ වන්නේ ඇයි දැයි අගමැතිතුමා ප‍්‍රශ්න කළේය.

බිල්ලෙකු මැවීමේ අවශ්‍යතාවය

කෙසේ වෙතත් මේ රටේ දේශපාලන බලවේග කි‍්‍රයාත්මක වන්නේ අගමැතිතුමාට අවශ්‍ය න්‍යාය පත‍්‍රය අනුව නොවන බව තේරුම් ගත යුතුව ඇත. විපක්ෂයක දේශපාලනයට තම සාමාජිකත්වය වැඩිකර ගැනීමට අනුගාමිකයන් රැුස්කර ගැනීමට යම්කිසි බිල්ලෙක් මවා පෙන්වීම අවශ්‍ය බව පෙනෙන්නට තිබේ. නවසිය හැත්තෑවේදී ජවිපෙට සිටි බිල්ලානම් එජාපය බලය රැුක ගැනීමට කරන කුමන්ත‍්‍රණයයි. දැන් විපක්ෂ බලවේගවලට සිටින ප‍්‍රධාන බිල්ලා ඉට්කා හෙවත් ඉන්දු ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමයි. එමගින් මෙරට රැුකියා වෙළෙඳපොළට ඉන්දියානුවන් ගෙන්වා ගැනීමයි. එසේ නොකරන බව ආණ්ඩුව කීවාට ඔවුනට විශ්වාස නැත. ඔවුනට අනුව මෙහි කුමන්ත‍්‍රණයක් ඇත. එනම් ඉන්දියාවට රට පාවාදීමයි.

මෙහෙම කියන විපක්ෂය ඇත්ත ගිවිසුම පැමිණිවිට කියන්නේ මොනවාද? බාබර්ලා ගෙන්වන්න එයින් ඉඩ කඩ නොලැබෙන බව ෂුවර්ය. වෙනත් වෘත්තිකයන්ටද ඉඩක් තිබිය නොහැකිය. දැන් ඒ කොන්දේසි තීරණය කරන්නේ වෘත්තීයවේදීන්ගේ සංවිධාන සහභාගි කරගෙනය. එයින් බිහිවන කෙටුම්පතක හිතුමතේ වාත්තිය වේදීන් ගෙන්වීමේ ක‍්‍රමයක් තිබිය නොහැකිය.

ජනතාව අන්දන නියාය

දැන් ප‍්‍රශ්නය වන්නේ එවිට විපක්ෂය අමාරුවේ වැටෙයිද යන්නයි. පෙනෙන හැටියට එසේ වන්නේ නැත. එවිට කියන්නට තිබෙන්නේ ආණ්ඩුවේ එහෙම කුමන්ත‍්‍රණ්‍යක් තිබුණ බව හා තමන්ගේ විරෝධය නිසා එය කි‍්‍රයාත්මක කළ නොහැකිවූ බවයි. හැත්තෑවේ මැතිවරණයෙන් පසුව එජාප ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයක් නොවීම ගැන ජවිපෙ කී කතාව වගේමය. මෙහිදී ජවිපෙ ගත්තේ උදාහරණයක් ලෙස පමණය. අප රටේ බොහෝ දේශපාලන පක්ෂ වැඩ කරන්නේ එහෙමය. ”අලි කොටි ගිවිසුම” වැනි තවත් සිදුවීම්  ඕනෑ තරම් සොයාගත හැකිය. මේවා දේශපාලන ගේම්ය. ඉට්කා ගිවිසුම් ගේම ඉන් එකක් පමණය.

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ එම පක්ෂයේ දර්ශනයට අනුවය. එය ලිබරල්ද ? නව ලිබරල්ද? දේශීය නොවන්නේද? ජාතිකවාදී නොවන්නේද? කියා එක එක්කෙනාට ප‍්‍රශ්න තිබෙන්නට පුළුවන. විශේෂයෙන්ම එහෙම ප‍්‍රශ්න තිබෙන්නේ වාමාංශිකයන්ට හා හිටපු වාමාංශිකයන්ටය. වමේ සිටි ඇතැම් පිරිස් දැන් එම අදහස්වල නැත. ඒ කෙසේ වෙතත් එජාපය තම වැඩපිළිවෙළට ඡුන්දය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවා ඇත. දැන් ඔවුන්ට එම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැඟීමට ඉඩ දිය යුතුය.

ඉට්කා ගිවිසුම සම්බන්ධයෙන් මෙරට ඉංගී‍්‍රසි පුවත්පතකට ලිපිපෙළක් ලියමින් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පෙන්වාදී ඇත්තේ ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුම්වලට යාම ගැන බියවිය යුතු නැති බවයි. එමෙන්ම ගිවිසුම්වල අරමුණ වෙළෙඳාම සංවර්ධනය මිස වෙළෙඳවාසි ලබාගැනීම නොවන බවද ඒ මහතා පෙන්වාදි තිබිණි. පරිගණක ක්ෂේත‍්‍රයට හා නෞකා තැනීමේ කර්මාන්තයට විදේශ වෘත්තිකයන් ගෙන ඒමේ ඉඩ ලබාදී තුබුණේ සීපා ගිවිසුමෙන් බවත් ඉට්කා යනු එම ගිවිසුම නොවන බවත් විජේවර්ධන මහතා කියයි. සීපා ගිවිසුමෙන්ද එම ඉඩ ලබාදීමට යෝජනා කොට තිබුණේ මෙරට ආයෝජනය කරන ඉන්දීය සමාගම්වලටය. මෙරට පරිගණක සමාගම්වලට නොවේ. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයාගේ කරුණු දැක්වීම අනුව පෙනී යන්නේ සීපා ගිවිසුම වුවද එතරම් හානිකර නැති බවයි.
කෙසේ වෙතත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සීපා ගිවිසුමට කැමැති නැති බව පෙනෙන්නට තිබේ. එතැනදී ඔහු සිටින්නේ වෘත්තීයවේදීන් සිටින තැනමය. එනම් වෘත්තිකයන් ගෙන්වීමට ඉඩ නොතිබිය යුතු බවයි.

රනිල් බය කාටද ?

එසේ වුවද රනිල් වික‍්‍රමසිංහ මහතා බිය වන්නේ ඉන්දියාවෙන් වෘත්තිකයන් පැමිණීම ගැන නොවන බව එතුමාගේ එක් ප‍්‍රකාශයකින් පැහැදිලි වෙයි. එනම් වෘත්තිකයන් ගෙන්විමට ඉන්දියාව සමග එකඟ නොවන්නේ එම ගිවිසුම ඉදිරියේ අත්සන් කරන වෙනත් ගිවිසුම්වලට පූර්වාදර්ශයක් විය හැකි නිසා බවයි.
ප‍්‍රකාශ වී ඇති පරිදි මෙම ආණ්ඩුව කි‍්‍රයා කරන්නේ ප‍්‍රධාන රටවල් ගණනාවත් සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමටය. ඇමෙරිකාව, චීනය, සිංගප්පූරුව, දකුණු ආසියානු හා සාක් රටවල් ඒ අතර වෙයි. එම රටවල් සමග ඇති කර ගන්නා ගිවිසුම්වලට පූර්වාදර්ශයක් වන්නේ ඉන්දියාව සමග ගිවිසුමයි. වෘත්තිකයන් පැමිණීමට ඉඩදීමේ වගන්ති ඉන්දියාව සමග ගිවිසුමෙන් ඉවත් කිරීමට රනිල්ට අවශ්‍ය වන්නේ අනික් රටවල් සමග ගිවිසුම්වලදී ද එම ස්ථාවරයේ සිටීම සඳහා බව පැහැදිලිය. දැන් සොයා බැලිය යුත්තේ මේ ප‍්‍රශ්නය එන්නේ කා සමගද කියායි.

මෙහිදී අප මතකයට නගාගත යුත්තේ චීනය තම විදේශ ආයෝජන කරන ආකාරයයි. පසුගිය කාලයේ අප රටේ චීනය කළ විශාල ව්‍යාපාති කළේ එරටින් රැුගෙන ආ වෘත්තිකයන් පමණක් නොව කම්කරුවන්ද යොදාගෙනය. සමහරුන් කීවේ නූඞ්ල්ස් පැකට් එකත් චීනයෙන් ගේනවා කියාය. එම නිසා චීනයත් සමග වෙළෙඳ හා ආයෝජන ගිවිසුමකට යනවිට එරට වෘත්තිකයන් පමණක් නොව ශ‍්‍රමිකයන්ද ගෙන ඒමට ඉල්ලා සිටීම බලාපොරොත්තු විය යුතු දෙයකි. චීනය බොහෝ රටවල ආයෝජන කර ඇත්තේ ඒ ආකාරයටය. ඉදිරියේ දී එම ගනුදෙනුව විසඳා ගැනීමට රනිල්ගේ ආණ්ඩුවටද සිදුවනු ඇත.
එම තත්ත්වය යටතේ ඉන්දියාව සමග ගිවිසුමෙන් වාත්තිකයන් ගෙන්වීමේ වගන්ති ඉවත් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පිටපොට ගහන්නේ චීනයත් සමග ගනුදෙනුව සාර්ථකව නිමකර ගැනීමට බව විශ්වාස කිරීම සාධාරණය.

වැඩිම වේගයෙන් වර්ධනය වන ආර්ථිකය

මෙලෙස ආණ්ඩුව සැලසුම්කර ඇත්තේ ලොව පුරා රටවල් ගණනාවක් සමග වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළු වීමටය. එහිදී මේ වන විට ලෝකයේ වැඩිම වේගයෙන් වර්ධනය වන ආර්ථිකය හිමි ඉන්දියාව සමග ගිවිසුම ඉතා වැදගත්ය. අනෙක් රටවල් සමගද එබඳුම ගිවිසුම්වලට ඇතුළු විය යුතුය. මෙය දේශපාලන දර්ශනයක් අනුව සිදුවන්නකි. පසුගිය කාලයේ හිතුවක්කාර අත්තනෝමතික ආර්ථික කි‍්‍රයා මාර්ග ගැනීම නිසා අද හොම්බෙන් යන තත්ත්වයට පත්ව ඇති මෙරට ආර්ථිකය ගොඩගැනීමට මෙබඳු කි‍්‍රයා මාර්ග අවශ්‍යය.

මෙහිදී වෘත්තිකයන් මෙයට මැදිවීම කනගාටුදායක වුවද එය බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. විශේෂයෙන් මෙරට රාජ්‍ය අංශයේ සේවය කරන බොහෝ වෘත්තිකයන්ගේ ආර්ථික දැක්ම රාජ්‍ය අංශය මූලික කරගත් එකකි. ඔවුන් හිතන්නේ රාජ්‍ය අංශයෙන් තමන්ට සියලූ ප‍්‍රශ්න විසඳිය හැකි බවයි. එය නෑකම් කියන්නේ රාජ්‍ය මුල්කරගත් ධනවාදී හා ජාතිකවාදී දේශපාලනයකටයි. ගෝලීය ආර්ථික දාම ගැන ඔවුන්ට පිළිගැනීමක් නැත. මෙවැන්නන් නියෝජනය කරන්නේ අතීතයයි. නූතන දියුණු රාජ්‍යයක් බිහි කිරීමට එම දර්ශනයට හරස්ව යා යුතුය. ආණ්ඩුව කි‍්‍රයා කරන්නේ ඒ ආකාරයෙනි. එබැවින්ම රාජ්‍ය කේන්ද්‍රිය ආකල්පවල සිටින වෘත්තිකයන් හා දේශපාලන ගැටුමක් ඇතිවීමද ස්වාභාවිකය.

කුපාඩිම ගේම

කුපාඩිම ගේම ඇත්තේ එතැන නොවේ. ඇතැම් විපක්ෂ බලවේග හිතන බව පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවේ මෙම කි‍්‍රයාවලිය සාර්ථක වුවහොත් දේශපාලන වශයෙන් තමන් නන්නත්තාර වන බවයි. එය තේරුම්ගත් විට ඔවුන් කරන්නේ කෙසේ හෝ මෙම වැඩපිළිවෙළ අනන්නට උගුල් ඇදීමයි. කොහේවත් නැති ගිවිසුම් ගැන කියමින් ඉන්දියානු බාබර්ලා ති‍්‍රරෝද රථ රියදුරන් එන බව කියමින් බේගල් ඇද බාන්නේ ඒකටය. එහි එකම අරමුණ වන්නේ රටට හෙණ ගැහුවත් තමන්ගේ දේශපාලන වාසිය අත් කර ගැනීමය. එය රටටම කරන විනයකි. විනාශයකි. කිසිසේත් ඉඩ නොදිය යුත්තේ ඒකටය.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *