කොවිඩ් පොකුර තිස් පන් දහස පන්නයි ; සමස්තය තිස් නව දහස පන්නයි

මෙරට වර්තමාන කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව අද තිස් පන් දහස ඉක්මවා ඉහළ ගියේය. ඒ අද දිනයේ එකතු වූ කොවිඩ් ආසාදිතයින් 588 දෙන ද සමග ය.

ඒ අනුව කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 35,548 ලෙස සටහන් වීය.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39,219 ක් දක්වා ඉහළ ගොස් ඇත .

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අලුත් රෝගීන් හමුවෙමින් පවතියි.

එමෙන් ම රෝගීන් ලෙස හඳුනා නොගෙන නිවෙස්වල දී මියයාම් ද දිගින් දිගට ම වාර්තා වෙයි. සෞඛ්‍ය අංශ කියන්නේ හඳුනා නොගත් රෝගීන් විශාල  සංඛ්‍යාවක් රට තුළ සිටින බව එමගින් පෙන්නුම් කරන බව යි.

කෙසේ වෙතත් , උත්සව සමයේ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොවන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *