|

කන්තලේ සීනි කම්හල පෞද්ගලික සමාගමකට පවරා දෙයි

කාලයක් තිස්සේ වසා තිබු කන්තලේ සීනි සමාගමේ සියලු වත්කම් සහ ඉඩම් පෞද්ගලික සමාගමකට පවරාදීමට රජය මේ වනවිට කටයුතු කොට ඇති බව වාර්තා වෙයි.

මෙලෙස සීනි සමාගම පවරා දී ඇත්තේ එම් ජී සුගර් ලංකා පෞද්ගලික සමාගම නම් ආයතනයට යි. එය මොව්සි සලීම් නම් ආයෝජකයකු විසින් මුදල් ආයෝජනය කොට අලුතින් ආරම්භ කළ සමාගමක් බව කියති.

මෙම සමාගමට කන්තලේ සීනි සමාගමේ ඉඩම් ,යන්ත්‍ර සුත්‍ර , ගොඩනැගිලි සහ දේපල පවරාදෙනු ලබන්නේ දිගු කාලීන බදු පදනමකින් බව වාර්තා වී ඇත. එම බදු වශයෙන් සමාගම ආණ්ඩුවට කිසිදු මුදල් ගෙවීමක් සිදු නොකරන බවත් , සමාගමේ කොටස් හිමිකමක් පමණක් රජයට හිමිවන බවත් දැනගන්නට ඇත.

එම් ජී සුගර් සමාගමට සීනි සමාගමේ ඉඩම් සහ වත්කම් පවරාදීම මේ වනවිට සිදුකොට ඇති බවත් , ජනවාරි මාසයේ සිට සමාගම වැඩ කටයුතු ආරම්භ කරන බවත් , වාර්තා වෙයි.

පසුගිය ආණ්ඩු සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජනාධිපති විසින් රාජ්‍ය දැව සංස්ථාවට පත් කළ සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් කොළඹ හෝටලයක දී අත් අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ සීනි සමාගමේ දේපල පවරා දීමට රුපියල් කෝටි පහක අල්ලස් ඉල්ලා ඉන් කොටි දෙකක් ලබාගනිද්දී ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *