අර්බුදය බරපතළ යි , ආණ්ඩුව ජනතාවට ඇත්ත කියන්නේ නැහැ – හිටපු ඇමති ඩිව් ගුණසේකර

රට දැන් මුහුණ දී ඇත්තේ බරපතළ ආර්ථික අර්බුදයකට බවත් , එහි බරපතළකම ගැන ආණ්ඩුව ජනතාවට ඇත්ත නොකියන බවත් , හිටපු ඇමති සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ජනතාවට ඇත්ත නොකීම වරදක් බව කී ඒ මහතා ඇත්ත කිවහොත් ජනතාවගෙන් සියයට පනහක් ආණ්ඩුවට සහය දෙනු ඇති බවත්  කියයි.

මුළු ලොවට ම ප්‍රශ්නයක් වූ කොවිඩ් වසංගතය වත්මන් ආර්ථික අර්බුදයට එක හේතුවක් බව කී ඒ මහතා අර්බුදයට අනෙක් හේතුව ආණ්ඩුවේ වැරදි බව ද කීය.

ආණ්ඩුව තමන්ගේ බදු ආදායම් අහිමි කරගැනීම දිගට ම සිදුවන බවත් , නවසිය හැට ගණන්වල සියයට හැටක තිබු ඉහළ බදු අනුපාතය පසුගිය ආණ්ඩුවලින් සියයට 21 දක්වා අඩුකොට තිබු බවත්, පසුගිය අයවැයෙන් එය සියයට 18 දක්වා අඩු කළ බවත් ගුණසේකර මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හිටපු ඇමති ඩිව් ගුණසේකර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ සිරස රුපවාහිනියේ පැතිකඩ වැඩ සටහනට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *