පොල් පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය

පොල් මද පිටරටින් ගෙන්වීම සඳහා මාස තුනක කාලයකට අවසර ලබාදීමට ඊයේ පවතී කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කොට ඇත.

කැබලි කරන ලද වියළි පොල් මද ලෙස ලෙස මෙම පොල් ගෙන්වීම සිදු කළ යුතුය.

දේශීය පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා පොල් ආශ්‍රිත කර්මාන්ත ශාලා 500 ක පමණ නිෂ්පාදන කටයුතු කරගෙන යා නොහැකිව අර්බුදයල ලක්ව ඇති නිසා මෙම පියවර ගත යුතු බව ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ සඳහන් වෙයි.

පොල් තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කොට විකිණීම තහනම් කිරීමටත් , පිරිපහදු කළ පාම් තෙල් ගෙන්වීමට අවසර දීමටත් ඊයේ කැබිනට් මණ්ඩලය වැඩි දුරටත් තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *