විදුලි ජාවාරම් පහසු කරන්න උපයෝගිත කොමිසමේ , විදුලි බල මණ්ඩලයේ තටු කපයි

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා  කොමිසන් සභා පනත සහ විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ඊයේ පැවතී කැබිනට් රැස්වීමේ දී තීරණය කළ බව වාර්තා වෙයි.

ඒ අනුව ,විදුලි බල ව්‍යාපෘති අනුමැතියේ දී මහජන උපයෝගිතා කොමිසමට තිබු බලතල ඉවත් කොට එම ආයතනය පාරිභෝගික ආරක්ෂාව , සහ විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රමිති සැකසීමට සීමා කිරීමට යෝජනා කොට තිබේ.

එමෙන් ම , විදුලි බල මණ්ඩල පනත ද සංශෝධනය කිරීමට යෝජනා කොට ඇත.

පසුගිය කාලයේ විදුලි බල ක්ෂේත්‍රයේ අයතා ගනුදෙනු හා දුෂණ වැලකීමට ක්‍රියා කරමින් මහජන උපයෝගිතා කොමිසම රුපියල් කොටි ලක්ෂ ගණනක් රටට ඉතිරි කළ  බවත් , විදුලි ගාස්තු ඉහල දැමීම වලාකු බවත් , කොමිසමේ සේවක වෘත්තීය සමිති කියයි.

එමෙන් ම ,විදුලි බල මණ්ඩල නීතිය අනුව තරගකාරී මිල කැඳවීමකින් තොරව මිල දී ගැනීම් කළ නොහැකි බවත් , කොමිසම කළේ එම නීති ක්‍රියාවට නැගීම බවත් , එම වෘත්තිය සමිති පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ,නව විදුලි බලාගාර ඉදිකිරීමේ දී , මෙම ආයතන මගින් එම ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීමක් සිදුකරමින් පවතින නිසා මෙම නීති සංශෝධනය අවශ්‍ය බව, ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහත් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වෙයි.

කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මේ සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවේ රජයේ වැඩ කටයුතු ප්‍රමාද කිරීමට මෙම ආයතන ක්‍රියා කරන බව තමන්ට දැනී ඇති බව යි.

එම ප්‍රමාදයන් මග හැරීමට අවශ්‍ය පියවර ගන්නා  බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *