රංග සහ ජයතිලක වැඩ බාරගැනීම ප්‍රතික්ෂේප කරති

රාජපක්ෂ පාලනයට කඬේ ගිය මාධ්‍යවේදීන් දෙදෙනකු වූ ලලිත් ද සිල්වා සහ ගාමිණි සුමනසේකර, ජනාධිපතිවරයාගේ මාධ්‍ය උපදේශකයින් ලෙස බඳවාගැනීම පිළිබඳව සිවිල් සංවිධාන කිහිපයක් මාස දෙකකට පමණ ඉහත දී ජනාධිපතිවරයා හමු වී තම විරෝධය පලකළේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උක්ත තනතුරු දෙකට නම් දෙකක් යෝජනාකරන ලෙස ජනාධිපතිවරයා කරන ලද දැනුම්දීමකට අනුව ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක ලෙස රංග කලංසූරිය සහ දේශිය මාධ්‍ය උපදේශක ලෙස ජයතිලක ද සිල්වාගේ නම් සිවිල් සංවිධාන විසින් යෝජනා කෙරින.
මේ අනුව රංග කළංසූරිය සහ ජයතිලක ද සිල්වා, ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ලෙස පත්කරගත් බව දන්වමින් ජනාධිපති කාර්යාලයෙන් මේ වනවිට ඔවුන්ට දැනුම් දී ඇත. ලලිත් ද සිල්වා සහ ගාමිණි සුමනසේකර උපදේශක තනතුරුවල තබාගෙන කරන ලද මේ නව පත්වීම් දෙක භාරගැනීමට තමන් සුදානම් නැති බවත්, උක්ත තනතුරු දෙක භාරගැනීමට තමන් කැමැත්ත පලකලේ යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමට මිස රක්ෂාවක් අපේක්ෂාවෙක් නොවන බවත්, ජනාධිපතිවරයාට ඔවුන් දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *