කොවිඩ් මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා නිවේදනය කරයි
මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වයස අවුරුදු 68 ක පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි වයස අවුරුදු 55 ක පිරිමි පුද්ගලයෙක්,දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 77 ක පිරිමි පුද්ගලයෙක්,මග්ගොන පදිංචි වසය අවුරුදු 63 ක කාන්තාවක් සහ කොළඹ 10 පදිංචි වයස අවුරුදු 83 ක පිරිමි පුද්ගලයෙකි
මෙයින් එක්  අයෙකු බන්ධනාගාර රෝහලේ දී මියගොස් ඇති අතර දෙදෙනකු සිය නිවෙස්වල දී මියගොස් ඇත.
මෙම මරණ 05 සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *