|

සමගි ජන බලවේගයෙන් කුඩා පක්ෂ දොට්ට දමයි ; ඔවුන්ට අලුත් සන්ධානයක් !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමගි ජන බලවේගයෙන් එහි කුඩා පක්ෂ ඉවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

සියලු පක්ෂවල සන්ධානයක් ලෙස ආරම්භ කළ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගතව තිබේ. දැන් සජබ ය පක්ෂයක් නිසා වෙනත් පක්ෂවලට එහි සාමාජිකත්වය දැරිය නොහැකි වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ,ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු කුඩා පක්ෂ ගණනාවක් සජබ යෙන් ඉවත් කොට ඇත.

මෙම පක්ෂ රඳවා ගැනීමට සමගි ජාතික සන්ධානය ලෙස නව සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි. එම නව සන්ධානයේ ව්‍යවස්ථාව සැකසීමට තිස්ස අත්තනායක ,රන්ජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන් ඇතුළු දස දෙනෙකු ගේ කමිටුවක් පත්කිරීමට ද සමගි ජන බලවේගයේ විධායක සභාව කටයුතු කොට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *