බස්නාහිරින් පිටවෙන්නට ආ 1300 ක් පරීක්ෂා කළ විට 10 කට කොරෝනා

බස්නාහිර පළාතෙන් පිටවීමට පැමිණි පුද්ගලයන් 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ 17 18 19 දින තුන තුළ සිදු කරන ලද පරීක්ෂණ 1,300 කින් මෙම පිරිස හඳුනාගත් බවයි.වාහනවලින් ගමන් කරමින් සිටියදී නවතා සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් පිට පළාතකට යන වාහන වල ගමන් කරන පුද්ගලයන් හදිසි ප්‍රතිදේහ පරීක්ෂණ ලක්කරමින් සිටින බවත් ඊට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *